Jun 23

වත්මන් සම්භාධක තැවැත්වීමට නම් කටාර් රජය එකග විය යුතු කාරණා මෙන්න

සවුදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, බහරේනය සහ ඊජිප්තුව යන අරාබි රටවල් ඇතුළු රටවල් කිහිපයක් කටාර් රාජ්‍යය සමග සියලු සම්බන්ධතා අත්හිටුවීමත් සමග හටගත් කලාපීය රාජ්‍යතාන්ත්‍රික අර්බුදය තවමත් නිමා වී නැත.

මේ අතර දැනට පනවා තිබෙන සම්බාධක ඉවත් කිරීමට නම් කටාරයේ මූලස්ථානය පිහිටි අල් ජසීරා මාධ්‍ය ආයතනය වසා දැමීම ඇතුළු ඉල්ලීම් දහතුනක් ඉහත කී අරාබි රටවල් හතර කටාරය වෙත ඉදිරිපත් කර තිබේ.


ඉරානය සමග සම්බන්ධතා අඩු කිරීම සහ කටාරයේ පිහිටි තුර්කි හමුදා කඳවුරක් ඉවත් කිරීම ඇතුළු සිය ඉල්ලීම් දින දහයක් ඇතුළත ඉටු කළ යුතු බවත් එම රටවල් ඉදිරිපත් කරන ප්‍රධාන කොන්දේසියකි.

එම ඉල්ලීම් ඇතුළත් ලැයිස්තුවක පිටපතක් ඇසෝසියේටඩ් ප්‍රෙස් (Associated Press) පුවත් සේවයට ද ලැබී තිබේ. ඒවා අතර:

1. මුස්ලිම් සහෝදරත්වය සංවිධානය සමග සම්බන්ධතා අත්හැරීම

2. සිය රටවල් හතරේ පුරවැසියන්ට කටාරයේ පුරවැසිභාවය ලබා නොදීම සහ දැනට එසේ පුරවැසිභාවය ලබා       දී තිබෙන පුද්ගලයන් පිටුවහල් කිරීම

3. ත්‍රස්තවාදයට අනුබල දීමේ චෝදනාව යටතේ අවශ්‍යව සිටින පුද්ගලයන් එම රටවල් හතරට භාරදීම

4. ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ත්‍රස්තවාදී සංවිධාන ලෙස නම් කරනු ලැබ තිබෙන ඕනෑම සංවිධානයකට     ලබාදෙන මූල්‍යාධාර වහාම නතර කිරීම

5. විශේෂයෙන්ම සවුදි අරාබිය ඇතුළු සිය රටවල විරුද්ධ පක්ෂ නායකයන්ට කටාරය මූල්‍යාධාර ලබා දුන් අවස්ථා පිළිබඳව සවිස්තර වාර්තාවක් ලබාදීම

6. අල් ජසීරා (Al Jazeera) පමණක් නොව අරාබියා21 (Arabi21) සහ මිඩ්ල් ඊස්ට් අයි (Middle East Eye) ඇතුළු අනෙක් සියලුම මාධ්‍ය ආයතනවලට ලබාදෙන මූල්‍යාධාර වහාම නතර කිරීම

7. සිය රටවලට වන්දි මුදලක් ගෙවීම (ප්‍රමාණය අනාවරණය වී නැත)
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.