Jun 11

වැඩිය දඟලන්නේ නැතිලු ගොඩක්‌ නිළියන්ට වුණ දේ මට වෙන්නේ නෑ

මේ දවස්‌වල ඇය නෙතූ ටෙලි නාට්‍ය තුළින් අපේ නෙත් හැඩ කරනවා. නමින් චිනූෂා සිරිවර්ධන. බලමු ඇය අපිට මොනවද කියන්නේ කියලා.

වැඩිපුරම කැමැති දිනූෂා කියනවටද ? නෙතූ කියනවටද ?

දැන්නම් කැමති නෙතූ කියනවට.

කොහොමද මේ දවස්‌වල නෙතූට ලැබෙන ප්‍රතිචාර ?

ගොඩක්‌ හොඳ ප්‍රතිචාර ලැබෙනවා.


ඉතින් දිනූෂා මොකද මේ දවස්‌වල කරන්නෙ ?

ලොකුවට වැඩක්‌ නෑ ඉතිං. නෙතූ ඩ්‍රාමා එකේ ෂූටිං කරනවා.

ඊට අමතරව ?

රංගනයට අමතරව මම මොඩ්ල් කරනවා. හැබැයි බ්‍රයිඩ්ල් විතරයි.

දිනූෂ එතකොට අධ්‍යාපන කටයුතු හමාර කරලද ඉන්නෙ ?

ඔව් මගේ ඉගෙනීමේ කටයුතු නම් අවසන්. ඒත් අදහසක්‌ තියෙනවා රංගනය ගැන තවදුරටත් ඉගෙනගන්න.

මොකද එකපාරටම රඟපාන්න එන්න හිතුනේ ?

මම මීට කලින් නම් ගොඩක්‌ම අකමැතියි රඟපාන්න. ඒත් පස්‌සෙ කාලෙක හිතුන රඟපාන එක වරදක්‌ නෙවෙයි කියලා.

මුලින්ම රඟපෑවෙ ?

මම මුලින්ම රඟපෑවෙ කමර්ෂල් එකක. ඒ මං පොඩි කාලේ. තාත්ත තමයි මාව රංගනයට යොමු කළේ. ඊට පස්‌සෙ මාගෙ අක්‌ක මට උදව් කළා ගොඩක්‌ මට මේ තැනට එන්න.

නෙතූ දිනූෂගේ පළමුවැනි ටෙලි නාට්‍යයද ?

ඔව් මේ මගේ පළමුවැනි ටෙලි නාට්‍යය.

මේ ටෙලිනාට්‍යයට එන්න පාර කැපුණේ කොහොමද ?

ශාන්ත අයියගේ අලුත් නාට්‍යයට නළු නිළියන් ගන්නව කියල මගෙ යාළුවෙක්‌ තමයි කිව්වෙ. මං ඇප්ලිකේෂන් එකක්‌ දැම්මා. පස්‌සෙ ස්‌ක්‍රීන් ටෙස්‌ට්‌ එකට ගියාම මම සිලෙක්‌ට්‌ වුණා.

දිනූෂට වාසනාව ගෙනාවෙ නළ දත නේද ?

ඒකත් එක සාධකයක්‌ වෙන්න ඇති. හැමෝටමත් එහෙම නෑනෙ නේද ? ඒ වුණා කියල අමාරුයි. දක්‌ෂතාවයත් අනිවාර්යෙන් තිබිය යුතුයි.

මෙච්චර රංගනයට අකමැත්තෙන් ඉඳපු කෙනා මොකද එකපාරටම රංගනයට එන්න හිතුණේ ?

එහෙම විශේෂත්වයක්‌ නෑ ඉතිං. පස්‌සෙ කාලෙක හිතුණා රංගනය හොඳයි කියල. මට තාම හොඳටම රඟපාන්න පුළුවන් කියල මම හිතන්නෙ නැහැ. තාම මම අලුත්. ඉගෙනගන්න මට තව ගොඩක්‌ දේවල් තියෙනවා.

දිනූෂගෙ හෙවනැල්ල කව්ද ?

මගේ අම්ම තමයි හෙවනැල්ලක්‌ වගේ මට ඉන්නේ. මගෙ අක්‌කත් ඒ වගේමයි.

මුලින්ම කැමරාව ඉදිරියේ රඟපාද්දි බයක්‌ දැණුනේ නැද්ද ?

මොඩ්ල් කරන නිසා කැමරාව මට නුහුරු දෙයක්‌ නෙවෙයි. ඒත් දෙබස්‌ අමතක වෙයි කියල තමයි ගොඩක්‌ම බයවුණේ.

අත්දැකීම් බහුල රංගන ශිල්පීන් එක්‌ක රඟපාද්දි?

පොඩි බයක්‌ තිබුණා. ඒත් වරදින හැම වෙලාවකදීම ශාන්ත අයියා, විශ්ව අයියා, නිපුනිකා, වත්සලා, චමිලා අක්‌කලා මට මෙහෙම කරමු නංගි මේ විදියට කරන්න කියලා ආදරෙන් කියලා දෙනවා. ඒක නිසා බයක්‌ දැනුණේ නෑ.

රංගනයට එන්න ඕන නිසාද මොඩ්ල් කරන්න හිතුණේ ?

මොඩ්ල් කළේ ආසාවට. රඟපාන්න ඉතිං ඉස්‌සර ඉඳන් ගොඩදෙනෙක්‌ කතා කළා. ඒත් මම කැමැති වුණේ නැහැ. පස්‌සෙ හිතුණා රඟපාන්න. දැන් දෙකම සමබරව කරගෙන යනවා.

එහෙම ආපු ගොඩක්‌ නිළියෝ අද හොයාගන්නවත් නෑ. දිනූෂටත් ඒකම වෙයිද ?

එහෙම වෙන එකක්‌ නැහැ. මට ගැලපෙන චරිතයක්‌ අවොත් කරනවා. ඕනවට වඩා දඟලන්නෙ නැතුව පාඩුවෙ වැඩේ හරියට කරනවනන් එහෙම වෙන්නෙ නෑ කියලයි මම හිතන්නෙ. එක දෙයක්‌ හරි හරියට කරන එකයි වැදගත්.

ඔහොම කිව්වට විවාහයෙන් පස්‌සෙ මහත්තය කිව්වොත් රඟපාන්න එපා කියලා ?

එහෙම කෙනෙක්‌ මැරි කරල වැඩක්‌ නෑ. මාව හොඳින් තේරුම්ගත්ත කෙනෙක්‌ තමයි මං මැරි කරන්නේ. දෙන්න හොඳින් තේරුම් අරගෙන ඉන්නවනන් එහෙම වෙන්නෙ නෑ. මටත් එහෙම වෙන එකක්‌ නැතිවෙයි.

පෙම්වතෙක්‌ ඉන්නවද දැන් ?

ඒ ප්‍රශ්නේ අතාරිමු නේද

ක්‍ෂේත්‍රයේ නළුවන්ගෙන් එහෙම ආදර යෝජනා ආවෙ නැද්ද ?

අයියෝ ... තාමනං නෑ

ප්‍රසංග මාභරණ
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.