Apr 26

හදිසි තත්ත්වයන් ගොඩදාන්න හමුදාව සූදානම් කරන්න ජනපති ෆොන්සේකාගෙන් ඉල්ලයි

ආරක්ෂක අංශ නියෝජනය වන පරිදි ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාට ඉහළ තනතුරක් ලබාදීමේ  හැකියාව  සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩයේ සාකච්ඡාවට ලක් කෙරුණු බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

ප්‍රධාන වශයෙන් අංශ කිහිපයක විනය ගොඩනැංවීම අරමුණු කර ගනිමින් සරත් ෆොන්සේකා මහතාට මෙම තනතුර ලබාදම කෙරෙහි අවධානය යොමුවී ඇති බව හෙතෙම කියා සිටියේ අද (26) කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදීය.


මේ සම්බන්ධයෙන් අද දෙරණ කළ විමසුමකට ප්‍රතිචාර දක්වමින් ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා කියා සිටියේ ඊයේ පැවති කැබිනට් රැස්වීමේදී ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් තමාගෙන් විමසූ බවයි.

අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙනයාමේදී ඇතිවන කඩාකප්පල්කාරී තත්ත්වයන් ඇතිවීමේදී හා වෙනත් හදිසි තත්ත්වයන් යටතේ ඇතිවන ගැටළු විසඳීමේදී යම් කිසි සංවිධානයක් ගොඩනැඟුවහොත් එහි වගකීම බාරගෙන කටයුතු කරගෙන යා හැකිදැයි එහිදී ජනාධිපතිවරයා විමසා සිටිය බව ෆොන්සේකා මහතා සඳහන් කළේය.

අමාත්‍ය ධූරයෙ සිටින අතරවාරයේ අමතර වගකීමක්  ලෙස එය පැවරීම පිළිබඳ අවධානය යොමු කළද, ඊට අදාළ නිසි ක්‍රමවේදයක් සාකච්ඡා නොකළ බවත්, ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින‍් නිශ්චිත උපදෙස් ලබා නොදුන් බවත් ඔහු පෙන්වා දුන්නේය.

රටේ සාමාන්‍ය පරිපාලන කටයුතු පවත්වාගෙන යාමේදී ඒවා කඩා කප්පල් කිරීමට නොයෙකුත් දේශපාලන අනුදැනුම මත ඇතැම් පිරිස් පියවර ගන්නේනම්, රජයේ ක්‍රියාකලාපයන් ට එමගින් බාධා පැමිණෙන්නේනම් , රටේ සාමාන්‍ය පරිපාලන සේවා පවත්වාගෙන යාමට එය බාධාවක්  බව ෆොන්සේකා මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.