Mar 15

ලක්ෂ 4.30ට අලුත්ම මෝස්තරයෙන් එන Renault Kwid Climber

මෑත කාලයේ දී ඉහළ ජනප්‍රියත්වයක් ලද Renault Kwid මෝටර් රථ මාදිලියේ නවතම සාමාජිකයා වන Renault Kwid Climber පසුගිය දා වෙළෙඳපොළට හඳුන්වා දෙන ලදී.

වේග 5 ක ගියර් පද්ධතියකින් සමන්විත මෙය ඉන්දියානු රුපියල් ලක්ෂ 4.30 කට මිල නියම කර ඇත. AMT ගියර් මාදිලියෙන් එන රථයේ මිල ඉන්දියානු රුපියල් ලක්ෂ 4.60 කි.

අඩු මිල, කුඩා මෝටර් රථ කාණ්ඩය සඳහා SUV මුහුණුවර හඳුන්වා දීමට පියවර ගැනීම හේතුවෙන් පසුගිය කාලය පුරාවට Renault Kwid ඉමහත් ජනාදරයට පත්වූ අතර මෙම හේතුව නිසාම එහි මෝස්තරය හා හැඩය තවදුරටත් වැඩිදියුණු කිරීමට Renault සමාගම සැලසුම් කරන ලදී.

Renault Kwid Climber වෙළෙඳපොළට හඳුන්වා දීමට Renault සමාගම පියවර ගනු ලබන්නේ මෙහි ප්‍රතිඵලයක් වශයෙනි.

එය පෙර මාදිලියට වඩා වැඩි වශයෙන් හුරුබුහුටි SUV මුහුණුවර ගෙන තිබෙන බව විශ්ලේෂකයින්ගේ අදහසයි.

Renault Kwid මෝටර් රථය හඳුන්වා දුන් දින සිට 130,000 කට අධික වාහන ඒකක ප්‍රමාණයක් මේ දක්වා අලෙවි කර ඇති අතර පසුගිය පෙබරවාරි මාසයේ දී පමණක් ඒකක 11,198 ක් අලෙවි කර තිබේ
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.