Feb 07

ආදරය විවාහය වෙනස්‌ම විදිහට දුටුවා ප්‍රථම විවාහ අත්දැකීම නෙවෙයි

උපේක්‌ෂා ඔබට සමන්තව මුණ ගැහෙන්නෙ?
2012 අවුරුද්දේ මගේ දේශපාලන කටයුතුවල උදව්කරුවෙක්‌ විදිහට මීරිගම සෙත් සෙවණ කියන පදනමත් එක්‌ක අපි වැඩසටහන් කිහිපයක්‌ සංවිධානය කළා.

මේ වැඩ අතරෙ ආදරයටත් ඉඩක්‌ තිබුණාද?
නැහැ. විශේෂයෙන් අපේ වෘත්තියේ හැටියට එක පාරට කෙනෙක්‌ උදව්වක්‌ කළාට කතාබහ කළාට ඒ කෙනාව තේරුම් ගන්න උත්සාහ කරන්නේ නැහැ. විශේෂයෙන් කාන්තාවක්‌ දේශපාලනය කරද්දි ගොඩක්‌ පරිස්‌සමෙන් මිනිස්‌සු තේරුම් අරන් වැඩ කරන්න සිද්ධ වෙනවා. ඒ අනුව මට සමන්ත ගැන විශේෂ අවධානයක්‌ තිබුණේ නැහැ.


ඔබ පවසන්නෙ ඔහු තුළත් ඔබ කෙරෙහි විශේෂ ආකර්ෂණයක්‌ නොවුණ බවද ?
මට තේරුණා එයා මා ගැන විශේෂ කැමැත්තකින් පසුවන බව. ඒ කැමැත්ත පිළිගන්න මම ඉක්‌මන් වුණේ නැහැ. මොකද ඒ වෙද්දි මගේ ජීවිතයෙත් යම් තීරණාත්මක කාලයක්‌ ගෙවෙමින් තිබුණේ. එවැනි අවස්‌ථාවකදී කාන්තාවකගේ ජීවිතයට පිරිමි බොහොම තාවකාලික අරමුණු නිසා ළං වෙනවානේ.

නමුත් ඔබලා දෙදෙනා දේශපාලනයේදී එක්‌ව වැඩකළා ?
ඔව් එයා ජා ඇල ප්‍රදේශයේ කෙනෙක්‌. එම පළාතේ දේශපාලනඥයන් සමග ළග හිතවත්කම් තිබුණා. මට ඔහුගේ ආධාර උපකාර ලැබුණා. ඒ පෙම්වතා හා පෙම්වතිය විදිහට නම් නෙවෙයි.

එක්‌තරා තැනකදී ඔබ ඔහුගේ ආදරය පිළිගන්න එකඟ වෙනවා?
ඇත්තටම එයා ආරම්භයේ විවාහ වීමේ අරමුණෙන් තමයි සම්බන්ධයක්‌ පටන් ගන්න උත්සාහ කළේ. 2012 මුණගැහුන ඔහුගේ ආදරය පිළිගන්න මම තීරණය කළේ 2016 අවුරුද්දේ. අවසන් මාස කිහිපයේ මම එයා ගැන අපේ අම්මාටත් කිව්වා. අපේ වැඩිහිටියන්ගේ ආශිර්වාදයත් අපිට ලැබුණා. ඒ එක්‌කම අපි විවාහයටත් දින නියම කරගත්තා.

උපේක්‌ෂාගේ ජීවිතයට කොයි කරම් දුරට සමන්තව සැසඳුනාද ?
අපි දෙන්නම එකම ආගමේ. ඒ වගේම අපි හිටියේ අපිට ගැළපෙන වයස්‌ සීමාවන් වල. ප්‍රධානම දේ වුණේ මේ අපි දෙන්නගෙම ප්‍රථම විවාහ අත්දැකීම නෙවෙයි. මෙතෙක්‌ ජීවිතේ ලද අත්දැකීම් නිසා අපිට ආදරය විවාහය වැනි දේවල් දිහා වෙනස්‌ම විදිහට දකින්නට පුළුවන්කම තිබුණා. සැමියා හා බිරිඳ විදිහට එකිනෙකාට යටහත් පහත් වීම වෙනුවට එකිනෙකාට ගරු කරන්න හා දෙදෙනාගේ ජීවන අපේක්‌ෂාවන් තේරුම් ගන්න අපිට පුළුවන් වුණා.

සමන්තගේ ආදර හිතෙන් උපේක්‌ෂා ලද පළමු තිළිණය මතකද ?
ඔව්. එයා මට මුද්දක්‌ දුන්නා. හැබැයි ඒ කාලෙ අපි පෙම්වතුන් නෙවෙයි. අපි එකිනෙකාට ආදරය ප්‍රකාශ කළාට පස්‌සෙ ඉස්‌සරලාම එයා මට දුන්නේ ජංගම දුරකථනයක්‌.

පෙම්වතුන් ලෙස ගෙවන්නට කාලයක්‌ ඉතිරි නොකරම විවාහය කරා ගිය ආදර කතාවේ පුංචි පුංචි ආදර හීන නැති තරම්ද?
අපි තවමත් විවාහ වුණ අලූ‍ත නිසා ගෙවෙමින් පවතින්නෙ සොඳුරු කාලයක්‌. නමුත් හැබෑ ලෝකයේ දෙන්නෙක්‌ එක්‌කාසුවෙලා ජීවත්වෙනවා කියන්නෙ ආදරය වගේම ප්‍රශ්නවලටත් මුහුණ දෙන්න සූදානම් කියන එක. කවුරු කොහොම කිව්වත් සාම්ප්‍රදායික බිරිඳගේ චරිතයෙන් මිදුනොත් පවුලක පැවැත්මත් බිඳවැටෙනවා. අනිත් බිරින්දෑවරු වගේම මමත් සමන්ත අකමැති දේවල් නොකර සැමියාට ගෞරවයෙන් සලකනවා. ඒ තමයි අපේ ආදරයේ ස්‌ථාවරත්වය.

උපේක්‌ෂා අද වෙද්දි දෙන්න දෙමල්ලන් අතර ඇතිවන නොහොඳ නෝක්‌කාඩුකම් වලටත් ඉඩක්‌ නොදෙන පරිණත සිතුවිලි ඇති පෙම්බර බිරියද ?
මම විතරක්‌ නෙවෙයි සමන්තත් දැන් ඉස්‌සර වගේ හදිසි තීරණවලට නොයන වෙනස්‌ කෙනෙක්‌ කියල එයාගෙ අම්මත් කියනවා. මෙහෙමයි නවකතාවක වගේ ගැටුම් නැති ජීවිතයක්‌ අපි අතරෙ තියෙනව කිව්වොත් ඒක බොරුවක්‌. උපන්දා සිට අපි එක්‌කම රැඳී ඉන්න අම්මා තාත්තා එක්‌ක පවා මත ගැටුම් ඇතිවෙද්දි ජීවිතයේදි අතරමගදී මුණ ගැහුණ කෙනෙක්‌ එක්‌ක සියයට සියයක්‌ පෑහිලා ජීවත්වෙන කෙනෙක්‌ ඉන්න බැහැ. නමුත් මම පැවසුවෙ අපි දැන් වයසින් හා අත්දැකීම්වලින් මුහුකුරා ගිහින් නිසා ඒ දේවල් එහෙම වෙන්න පුළුවන්. එහෙම මත ගැටුමක්‌ නිසා විවාහයක්‌ අතැරදා පලා යන්න වුවමනා නැහැ කියන එක තේරුම් අරන් ජීවත් වෙනවා කියලා.

ධම්මිකා සුරංජි පතිරණ
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.