Feb 27

කරාබුනැටි කඩන්න ගිය ඇමරිකානු කෝටිපතියා ගසෙන් වැටී මියයයි

මෙරට පදිංචිව සිටි ඇමරිකන් ජාතික කෝටිපතියකු කරාබු නැටි කැඩීමට ගසකට නැග සිටියදී ඉන් බිමට වැටී මියගොස්‌ තිබේ.

මෙසේ මියගොස්‌ ඇත්තේ ඇමරිකාවේ කැලිපෝනියාවේ පදිංචි බෲස්‌ එඩ්වඩ් පෙඩ්රොස්‌ නමැති 52 දෙහැවිරිදි එක්‌ දරු පියෙකි.

ඔහු මෙරට දමිළ කාන්තාවක හා විවාහ වී ගම්පොල උලපනේ උලපනාවත්තේ පදිංචිව සිටියදී මෙම අවාසනාවත්ත සිද්ධියට මුහුණ පා ඇත.


මෙම පුද්ගලයා මෙරට සංචාරයකට පැමිණ සිටියදී ගම්පොල නගරයේ ආපනශාලාවක්‌ පවත්වාගෙන ගිය තරුණයකු හඳුනාගෙන පසුව ඔහුගේ සොයුරිය හා විවාහ වී උලපනේ ප්‍රදේශයේ නිවසක්‌ සහිත ඉඩමක්‌ මිලට ගෙන එහි පදිංචිව ඇත.

මෙරට දී විවාහ වී වසර 9 ක්‌ ගත වී ඇති මොහුට වයස අවුරුදු 2 1/2 ක පුතෙකු ද සිටින අතර ඔහු සංචාරක වීසා මත එය වසරින් වසර අලුත් කර ගනිමින් මෙරට රැඳී සිට ඇත.

පසුගිය දිනවල මොහුගේ බිරිඳ වන

රාඡේස්‌වරි නමැත්තිය අසනීප තත්ත්වයෙන් පෙළීම නිසා ඇය ඇයගේ නාවලපිටිය මහ ගෙරදට ගොස්‌ මාස කිහිපයක්‌ පුරා එහි සිට ඇති අතර එම කාල සීමාව තුළ බෲස්‌ එඩ්වඩ් තම කුඩා පුතු සමඟ උලපනේ නිවසේ ජීවත්ව සිට ඇත.

ගමේ කිසිවකු සමඟ සම්බන්ධතාවක්‌ නොපවත්වා ඇති මොහු පරිසර හිතකාමියෙකු වන බව පරීක්‌ෂණ පවත්වන ගම්පොළ පොලිස්‌ නිලධාරීහු සඳහන් කරති.

ගමේ කිසිම ඉඩමක ගසක්‌ කපා දැමීමට ඉඩ ලබා නොදී ඇති මොහු එසේ කරන අයට විරුද්ධව පොලිස්‌ හදිසි ඇමැතුම් අංශයට දැනුම් දීම පවා සිදු කොට ඇත.

සිද්ධිය වූ 25 දින දවස පුරා මෙම පුද්ගලයා තම වත්තේ කරාබු කැඩීම සිදු කර ඇති අතර සවස 3 ට පමණ අඩි 30 ක්‌ පමණ උස ගසක කරාබු කඩමින් සිටියදී එම ගසේ අත්තක්‌ කැඩී ඒ සමඟ බිමට වැටී තිබේ. මොහු බිමට වැටුණු සිද්ධිය ඇසී අසල්වාසීන් එම ගස මුලට පැමිණියද තනිව සිටින මොහුගේ නීති ප්‍රශ්න පැන නගිතැයි සිතා ඔහු රෝහලට රැගෙන නොගොස්‌ මේ බව පොලිස්‌ හදිසි ඇමැතුම් අංශයට දැනුම් දී ඇත.

කෙසේ නමුත් පැය 02 කට අධික කාලයක්‌ ගස මුල වැටී සිටි මෙම පුද්ගලයා පොලිසිය පැමිණ ගම්පොළ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මහනුවර මහ රෝහලට මාරු කොට යවා ඇති අතර රාත්‍රියේදී මියගොස්‌ තිබිණි.

වයස අවුරුදු 2 1/2 ක්‌වූ ඔහුගේ කුඩා පුතු නිවස තුළ දමා දොරගුළු ලා මොහු කරාබු කැඩීම සිදුකර ඇති අතර ගම්වාසීන් කුඩා දරුවා පිළිබඳව සොයා බැලීමේ දී එම දරුවා පරිගණකය සමග ක්‍රීඩා කරමින් සිටිනු දැක ඇත. පොලිසිය පැමිණ දරුවා එළියට ගෙන තිබේ.

මියගිය අයගේ පශ්චාත් මරණ පරීක්‌ෂණය මහනුවර මහ රෝහලේ දී පැවැත්වීමට නියමිත අතර මොහු පිළිබඳව ඇමරිකානු තානාපති කාර්යාලයට දැනුම් දීමට කටයුතු යොදා තිබිණි. ඔහුගේ ඥතීන් පැමිණෙන තුරු පශ්චාත් මරණ පරීක්‌ෂණය කල් දැමීමට විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා ක්‍රියාකර ඇත. ගම්පොල කොට්‌ඨාස භාර පොලිස්‌ අධිකාරි අනුරුද්ධ බණ්‌ඩාර හක්‌මන ගම්පොල මූලස්‌ථාන පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍ර.පො.ප. උපාලි යාපා, විවිධ පැමිණිලි අංශයේ ස්‌ථානාධිපති පො.ප. ගමනායක යන මහත්වරුන්ගේ උපදෙස්‌ මත උ.පො.ප. රත්නායක පො.සැ. (33850) තුෂාර යන නිලධාරීහු පරීක්‌ෂණ පැවැත්වූහ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.