Feb 05

කැබිනට් සංශෝධනයක් සිදු නොවේ මහ මැතිවරණයක් කැදවීමට සුදානම් ??

පසුගිය දා ව්‍යපාර ක්ෂේත්‍රයේ මෙන්ම දේශපාලන ලෝකයේ දැඩිව කතාබහට ලක්වුනු අමාත්‍ය මණ්ඩල සංශෝධනය දින නියමයක් නොමැතිව කල් ගොස් ඇත.

දේශපාලන ආරංචි මාර්ග සඳහන් කල පරිදි මේ සතියේ එවැනි සංශෝධනයක් වන බවට නොයෙක් කටකතා පැතිරි තිබුන අතර ජනාධිපතිවරයා ද අවස්ථාවන් ගනනාවකදි මුණ ගැසුණු වැදගත් පාර්ශවයන් සමඟ එය හැගවෙන ලෙස අන්දමින් අදහස් ප්‍රකාශ කොට තිබුණි.


මේ අතර සති අන්තයේදී ජනාධිපතිවරයා සමඟ අගමැති රනිල් වික්‍රමසිංහ මෙන්ම එජාපයේ සභාපති අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා ඇතුළු කණ්ඩායමක් වර්තමාන දේශපාලන මාර්ග සැලසුම ගැන සාකච්ඡා කර ඇත.

දිගින් දිගටම රජයට එල්ලවන දූෂණ චෝදනා සම්බන්ධව එහිදී දෙපාර්ශවයේම අදහස් ඉදිරිපත් වූ අතර යෝජිත අමාත්‍ය මණ්ඩල සංශෝධනය එයට විසඳුමක් නොවන බවත් ඒ හරහා එජාපයේ අභ්‍යන්තරව ප්‍රශ්න රාශියක් ඇතිවන බව පෙන්වා දිමෙන් අනතූරුව එය ගැන නැවත් සිතා බෑලිමට අවශ්‍ය බැවින් බොහෝ දුරට ලබන ජුලි මාසයේදී පමණ ඒ සම්බන්ධ තීරණයක් ගැනිමට දෙපාර්ශ්වයම එකග වු බව එජාපයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම තත්ත්වය තුල එජාපයේ මතය වී ඇත්තේ රටේ සංවර්ධනයට අවශ්‍ය තීරණය ගැනිමට අවශ්‍ය සහයෝගය අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට ශ්‍රිලනිප මැති ඇමතිවරුන් ලබා නොදෙන බවත් සාමුහිකව ගත් තීරණයන් පසුව විවේචනය කරන බවය.

මේ නිසා විදේශීය පමණක් නොව දේශීය පිලිගත් ආයෝජකයින් පවා රජය කෙරෙහි කලකිරි ඇති බවත් අවසානයේ අවශ්‍ය සංවර්ධනය අඩාල වනවිට එහි නරක නාමයත් එජාපයේ පිට පටවා අදාළ පාර්ශවයන් වගකීමෙන් ඉවත් වන බව ඔවුනගේ අදහසයි.

එබැවින් තවදුරටත් සහයෝගයෙන් සම්මුති ආණ්ඩුව එජාපයේ ප්‍රතිපත්ති මත ගෙන යාමට අවශ්‍ය උදව් උපකාර නොකරන්නේ නම්ල ඕනම අවස්ථාවක් රට අස්ථාවර නොකොට පාර්ලිමේන්තු මැතිවරණයකට යෑමට සූදානම් බවද පලමුවරට එජාපයේ නායකත්වය මගින් හෙලිකොට ඇත.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.