Feb 23

දැන් ස්‌වාධීන මන්ත්‍රීන් ලෙස පිළිගන්නැයි විමල් කථානායකගෙන් ඉල්ලයි

එජනිස සමඟ ඇති සියලූ‍ බැඳීම් අතහැර දැමූ බැවින් තමන් ඇතුළු ජානිපෙ මන්ත්‍රීවරුන් පස්‌දෙනා ස්‌වාධීන මන්ත්‍රීවරුන් සේ පාර්ලිමේන්තුව තුළ පිළිගන්නා ලෙස විමල් වීරවංශ මහතා ඊයේ (22 දා) කථානායකවරයාගෙන් පාර්ලිමේන්තුවේදී ඉල්ලා සිටියේය.

මේ සම්බන්ධව අද (23 දා) පක්‍ෂ නායක රැස්‌වීමේදී සාකච්ඡා කර දැනුම් දෙන බව මෙහිදී කථානායක කරු ජයසූරිය මහතා ප්‍රකාශ කළේය.පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ වූ අවස්‌ථාවේදී විශේෂ ප්‍රකාශයක්‌ කරමින් විමල් වීරවංශ මහතා මෙම ඉල්ලීම කළේය.

විමල් වීරවංශ මහතා -

මීට මාස කීපයකට කලින් මම ඔබතුමාට ලිතව දැනුම් දුන්නා ජාතික නිදහස්‌ පෙරමුණේ මන්ත්‍රීවරුන් පස්‌දෙනා එජනිස සමඟජ්තිඛෙන සියලූ‍ දේශපාලන බැඳීම් අතහැරලා ස්‌වාධීනව පාර්ලිමේන්තුවේ විපක්‍ෂ කණ්‌ඩායමක්‌ ලෙස කටයුතු කරන බව. ඒ පිළිබඳ එජනිස ප්‍රධානීන්ගෙන් විමසලා තීරණය දැනුම් දෙන බව ඔබතුමා පසුගිය කාලයේ ප්‍රකාශ කළා. තවමත් මේක දැනුම් දීලා නෑ. එනිසා අපට හිමි අයිතිවාසිකම් අහිමි වෙලා. කරුණාකරලා මගේ ඒ ලිත ඉල්ලීම අනුව මේ සභා ගර්භය තුළ අපට හිමි අනන්‍ය අයිතිවාසිකම් ලබා දෙන්න.

කථානායක කරු ජයසූරිය මහතා -

මම ඒ ලිපිය ලැබුණු වහා සන්ධාන නායකත්වය දැනුවත් කළා. මට සන්ධාන නායකත්වය ලිතව දැනුම් දුන්නා ඒ අයව දැනුවත් කළේ නෑ කියලා. කරුණාකරල ඒ අයව දැනුවත් කරන්න.

වීරවංශ මහතා - ඔබතුමාට එවූ ලිපියේ පිටපතක්‌ මටත් ලැබුණා. එහි තියෙන්නේ මම දැනුවත් කරලා නෑ කියලා නොවේ. එහෙම වෙන්වීම පිළිගන්නේ නෑ කියලා. මෙහෙමනේ. මම කියනවා වෙන් වුණා කියලා. ඒ ගොල්ලන් පිළිගන්නේ නැහැ කිව්වාට මට වැඩක්‌ නෑ. ඒ අනුව තීරණ ගන්න ඔබතුමා කටයුතු කළ යුතු නෑ.

කථානායක - ඔබතුමා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේ නැහැ කියා කියන්නේ.

වීරවංශ මහතා - දෙයියනේ. මේ පාර්ලිමේන්තුවේ කියන එක ප්‍රසිද්ධියේ නොවෙයි නම් අප්‍රසිද්ධියේද?

කථානායක - දෙයියන්ට කියන්න ඕනේ නෑ. මේ සභාවට කියන්න. ඒ ඇති.

විමල් වීරවංශ මහතා - මම මුලිනුත් කිව්වා. ලියුම දීලාත් කිව්වා. එහෙම නම් දැන් මුළු රටටම ඇහෙන්න කියනවා. අද සිට නෙවෙයි මීට පෙර සිට එජනිස සමඟජ්තිඛෙන්නා වූ සියලූ‍ දේශපාලන බැඳීම් අත්හරින ලදී. ඒ අනුව විපක්‍ෂයේ ස්‌වාධීන මන්ත්‍රී කණ්‌ඩායමක්‌ ලෙස අපව පිළිගනු මැනවි. zආමෙන්z කියලා කියන්නත් ඕනෑද ගරු කථානායකතුමනි.

කථානායක - නැහැ....... නැහැ......... ඔය ඇති. ඔහොම කිව්වාම ඇති. වැඩිය කියන්න අවශ්‍ය නෑ. මම සන්ධානය සමඟජ්සාකච්ඡා කරලා පිළිතුරක්‌ දෙන්නම්.

වීරවංශ මහතා - සන්ධානය සමඟජ්කතාවක්‌ නෑ. මම දැන් කිව්වා. ඔබතුමා ඒක කරන්න.

කථානායක - මගේ වැඩේ කරන්න මට ඉඩ දෙන්න.

වීරවංශ මහතා - ඒක වැරදියි කථානායකතුමනි.

කථානායක - මට කතා කරන්න අයිතියක්‌ තියෙනවනේ. මට නීති උපදෙස්‌ ගන්න වෙලා තියෙනවා. ඒ නිසා මම මගේ අදහස දෙන්නම්.

බන්දුල ගුණවර්ධන මහතා - විමල් වීරවංශ මහතා එජනිස කොටස්‌කරුවෙක්‌ නොවෙ. එනිසා එතුමාට ස්‌වාධීනව කටයුතු කරන්න අයිතිය දෙනවට කිසිම ප්‍රශ්නයක්‌ මතු වන්නේ නැහැ.

ඇමැති රවෆ් හකීම් මහතා - මටත් මෙවැනිම ඉරණමක්‌ අත්වුණා ගිය පාර්ලිමේන්තුවේදී. අපි එජාපයෙන් තරග කළා කියලා අපව වෙනම පක්‍ෂයක්‌ ලෙස පිළිගන්න එදා බැහැ කිව්වා. මට එය පිළිගන්න වුණා. පක්‍ෂ නායකයකු ලෙස සභාවේ ප්‍රශ්න අහන්න පවා මට අවසර ලැබුණේ නැහැ. ඒ තත්ත්වය ඇති කළේ ගිය ආණ්‌ඩුවයි.

සභානායක ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා - විමල් වීරවංශ මහතා අද තමයි පළමු වරට අපි දන්නේ පාර්ලිමේන්තුවේදී කිව්වේ එජනිසයෙන් ඉවත් වෙනවා කියලා. ගියවර ඔහු ඉල්ලීම කළාම මම කිව්වා පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක්‌ කරන්න කියලා. ඒක එදා කළේ නෑ.

දිනේෂ් ගුණවර්ධන මහතා - අපිත් එදා පාර්ලිමේන්තුවේ හිටියා. හැන්සාඩ් එකෙන් එදා ප්‍රකාශය ලබා ගත හැකියි. හකීම් මහතා කළ ප්‍රකාශය ගැන කතා කරන්නයි මම නැගී සිටියේ. එදා චමල් රාජපක්‍ෂ මහතාගේ තීරණය වුණේ එක එක පක්‍ෂයේ නායකයා හඳුනා ගැනීමට කටයුතු කළ යුතුයි කියා. හකීම් ඇමැතිවරයාගේ ගැටලූ‍ව ඊට වඩා පැරැ‚යි.

වාසුදේව නානායක්‌කාර මහතා - අපි ඡන්දෙ ඉල්ලූ‍වේ බුලත් කොළයෙන්. අපි ඇතුළත් වුණේ මහින්ද රාජපක්‍ෂ මහතාගේ නායකත්වයට. ඉන් පස්‌සේ තමයි හොර ඔප්පු ලියාගෙන මේකේ අයිතිය එහාට මෙහාට වුණේ. අපේ ජනතා පරමාධිත්‍යය ආරක්‍ෂා කරයි කියා බලාපොරොත්තු වෙනවා. ජාත්‍යන්තර පාර්ලිමේන්තු සංගමයටත් අපි මේ ප්‍රශ්නය ඉදිරිපත් කළා. ඔබතුමා එහි සභාපති.

කථානායක - නෑ මම සභාපති නොවේ.

වාසුදේව නානායක්‌කාර මහතා - මේ කරුණ බේරාගත හැක්‌කේ ඔබතුමා සමඟ සාකච්ඡා කිරීමෙන් බව ඒ ලිපියේ තියෙනවා..

කථානායක - සන්ධානයට ලබා දී තිඛෙන වෙලාවෙන් සියයට පනස්‌ පහක්‌ හැටක්‌ ඒකාබද්ධ විපක්‍ෂයට දෙනවා. ඒකාබද්ධ විපක්‍ෂයේ නායක ලෙස දිනේෂ් ගුණවර්ධන මහතාව පිළිගත්තා. අද විමල් වීරවංශ මහතා පළමු වරට සභාවේ ප්‍රකාශයක්‌ කළා. පක්‍ෂ නායක රැස්‌වීමේදී මේ ගැන සාකච්ඡා කරන්නම්.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.