Feb 23

නවකවදය ගැන පැමිණිලි Online කියන්න අවස්ථාවක්

විශ්වවිද්‍යාලවල සිදුවන නවකවදය හා සම්බන්ධ පැමිණිලි අන්තර්ජාලය ඔස්සේ ඉදිරිපත් කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පියවර ගෙන තිබේ.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය මොහාන්ද සිල්වා මහතා සඳහන් කළේ පැය 24 පුරා ක්‍රියාත්මක දුරකථන අංකයක් ද මේ සඳහා හඳුන්වා දී ඇති බවයි.

විශ්වවිද්‍යාලවල නවකවදය මෙන්ම සිසුන්ට සිදුවන ඕනෑම හිරිහැරයක් පිලිබඳව පැමිණිලි ඉදිරිපත් කිරීමට මෙමඟින් අවස්ථාව හිමිවෙයි.

ඒ සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ වෙනමම ඒකකයක් ස්ථාපිත කර තිබේ.

0112 123456 යන දුරකථන අංකයට හෝ www.ugc.ac.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් ඕනෑම මොහොතක සිය ගැටළුව ඉදිරිපත් කිරීමේ හැකියාව පවතින බව මහාචාර්ය මොහාන්ද සිල්වා මහතා සඳහන් කළේය.

මේ අතර නව අධ්‍යයන වර්ෂය සඳහා සිසුන් හැත්තෑ දහසකට අධික පිරිසක් ඉල්ලුම් පත් ඉදිරිපත් කර තිබේ.

විශ්වවිද්‍යාලවලට ඇතුළත් වීම සඳහා ඉල්ලුම්පත් ඉදිරිපත් කිරීමට  ජනවාරි 25 වන දින සිට පෙබරවාරි 20 වන දින දක්වා අවස්ථාව ලබාදී තිබුණි.

ඒ අනුව අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සමත් සිසුන් 71,101 දෙනෙකු ඉල්ලුම් පත් ඉදිරිපත් කර ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය මොහාන්ද සිල්වා මහතා සඳහන් කළේය.

මෙවර ඉල්ලුම්පත් භාරගැනීම අන්තර්ජාලය ඔස්සේ පමණක් සිදුකළ අතර ඒ සඳහා ළමුන්ගේ විශාල උනන්දුවක් පැවති බවද විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සඳහන් කළේය.

ලැබුණු ඉල්ලුම්පත්වලට අනුව සිසුන් සුදුසුකම් ලබා ඇති පාඨමාලා පිළිබඳ තොරතුරු උසස් පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත්වීමෙන් අනතුරුව ලබාදීමට කටයුතු කරන බව මහාචාර්ය මොහාන්ද සිල්වා මහතා සඳහන් කළේය.

- අද දෙරණ
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.