Feb 12

ඇමරිකා ගිය FCID ලොක්කා FBI එකේන් නූලෙන් බේරෙයි

රාජපක්ෂ පාලන සමයේ දී ඇමරිකාවේ ලොස්ඇන්ජලීස් කොන්සියුලර් කාර්යාලය සඳහා යැයි කුලියට ගෙන තිබූ සුපිරි නිවසක් එවකට ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කළ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුත්‍රයාගේ පරිහරණය සඳහා යොදාගෙන තිබූ
බවට මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට ලැබී තිබෙන පැමිණිල්ල අනුව සිදු කෙරෙන විමර්ශන කටයුතු සඳහා පසුගියදා ඇමරිකාව බලා ගිය නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යාලංකාර හා ප්‍රධාන පොලිස් පරීක්ෂක අනුර ප්‍රේමරත්න යන නිලධාරීන් එහි FBI ආයතනය විසින් අත්අඩංගුවට ගැනීමට උත්සාහ ගෙන තිබේ.

එවකට ලොස්ඇන්ජලීස් නුවර කොන්සියුලර් කාර්යාලයේ කොන්සියුලර් ජනරාල්වරයා ලෙස කටයුතු කළ මල්රාජ් ඩි සිල්වා මහතාගෙන් හා ආරක්ෂක කටයුතු භාරව කටයුතු කරන හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික සහකරු ලෙස කටයුතු කළ බ්‍රිගේඩියර් ජයන්ත රත්නායක යන අයවලුන්ගෙන් කටඋත්තර ලබා ගැනීමට පොලීසිය බලාපොරොත්තු විය.

මල්රාජ් ඩි සිල්වා මහතාට මෙම පරීක්ෂණ කටයුතු සඳහා මෙරටට පැමිණෙන්නැයි කළ ඉල්ලීම ඔහු විසින් ප්‍රතික්ෂේප කර තිබිණි. එමෙන්ම ඇමරිකාවේ වොෂින්ටන් නුවර තානාපති කාර්යාලයට පැමිණෙන ලෙස කළ ඉල්ලීම ද ඔහු ප්‍රතික්ෂේප කර තිබිණි. ඔහු අමෙරිකානු පුරවැසියකු වන බැවින් අවශ්‍ය නම් තමා පවසන තැනට පැමිණෙන ලෙස කළ දැනුම් දීමෙන් පසුව නියෝජ්‍ය පොලිස්පතිවරයා හා පොලිස් පරීක්ෂකවරයා ඔහු හමුවීම සඳහා අදාළ නවාතැනට ගොස් ඇතත් මල්රාජ් මහතාගෙන් ප්‍රශ්න කිරීමට ඉඩක් ලැබී නැත. එහි දී එෆ්. බී. අයි. ආයතනය නියෝජනය කරමින් පැමිණි නීතිඥවරු දෙදෙනකු මල්රාජ් මහතාගෙන් ප්‍රශ්න කිරීම සඳහා කිසිදු අයිතියක් නැති බව පෙන්වා දී ඇත. එහෙත් තමන් පැමිණියේ ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට දැනුම් දීමෙන් පසුව බව නියෝජ්‍ය පොලිස්පතිවරයා පෙන්වා දී ඇති නමුත් අපරාධයක් සම්බන්ධයෙන් ඇමරිකානු පුරවැසියකුගෙන් ප්‍රශ්න කිරීම සඳහා ශ්‍රී ලංකාවේ නිලධාරීන්ට නොහැකි බවත් ඒ ඇමරිකානු නීතියට එරෙහි වීමක් බැවින් පොලිස් නිලධාරීන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට සිදු වන බවත් දැනුම් දී ඇත.

කෙසේ නමුත් ලැබුණු සුළු අවසරයකින් නියෝජ්‍ය පොලිස්පතිවරයාත් පොලිස් පරීක්ෂකවරයාත් ඒ ක්ෂණයෙන් ම වොෂින්ටන් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය බලා ගොස් එදින ම මෙරට පැමිණීමට කටයුතු කොට ඇත. එසේ ම ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට පත් වීමේ අනතුරක් තිබුණු බැවින් විමර්ශන කටයුතු සඳහා මෙරටින් රැගෙන ගිය ලියකියවිලි සහිත ගමන් බෑගය හෝ රැගෙන ඒමෙන් තොරව දිවයිනට පැමිණි බවත් වාර්තා වේ.

– සත්හඬ
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.