Jan 05

ලංකා ඉතිහාසයේ පළමු වතාවට උපාධිය ලබාගත් මරණ දඩුවම නියමූ අයෙක්

මරණීය දණ්ඩනය Death penalty ලත් පුද්ගලයකු බන්ධනාගාර ඉතිහාසයේ පළමු වතාවට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රෙව්දී උපාධිය සමත්ව තිබේ.

එසේ උපාධිය ලබා ඇත්තේ මොහොමඩ් ෂියාම් ඝාතන නඩුව සම්බන්ධයෙන් මරණීය දණ්ඩනයට ලක්ව වැලිකඩ බන්ධනාගාරයේ රදවා සිටින හිටපු උප පොලිස් පරීක්ෂකවරයකු වන බී.ඒ. ලක්මිණ ඉන්දික බමුණුසිංහ නමැති අයෙකි.

මරණීය දණ්ඩනයට ලක් වන විට ඔහු ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රවේදී උපාධියේ පළමු වසර අවසන් කර තිබූ බවද අනාවරණය වෙයි.

එම උපාධියේ දෙවැනි හා තෙවැනි වසර දේශන සදහා සහභාගිවීමට තමන්ට අවස්ථාව ලබාදෙන ලෙස ඉල්ලමින් ඔහු වැලිකඩ බන්ධනාගාර අධිකාරි චන්දන ඒකනායක හා බන්ධනාගාර කොමසාරිස් ජනරාල් නිශෘන් ධනසිංහ යන මහත්වරුන්ගෙන් කරන ලද ලිඛිත ඉල්ලීමක ප්‍රතිඵලයක් වශයෙන් එම දේශන සදහා සහභාගි වූ ඔහු උපාධිය හිමිකරගෙන ඇත.

මේ පිළිබදව වැලිකඩ බන්ධනාගාර අධිකාරි චන්දන ඒකනායක මහතාගෙන් විමසීමේදී කියා සිටියේ මෙරට බන්ධනාගාර ඉතිහාසය තුළ මින් පෙර මෙවැනි ප්‍රසිද්ධ නඩුවකින් මරණීය දණ්ඩනයට ලක්වූ පුද්ගලයෙකු සමස්ත ජීවිතය කඩා නොගෙන ස්වෝත්සාහයෙන් මෙවැනි උපාධියක් සමත්වීම සෙසු සිරකරුවන්ටද වටිනා ආදර්ශයක් වන බවත්ය.

ඒ පිළිබදව වැඩිදුරටත් අදහස් දැක්වූ ඒකනායක මහතා කියා සිටියේ එම උපාධි ප්‍රදානෝත්සවය අද (5දා) පෙ.ව. 8.00ට බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වෙන බවත් උපාධිය සමත් ඉන්දික බමුණුසිංහ එම උපාධි උත්සවයට සහභාගි කරවීමට කටයුතු කර ඇති බවත්ය.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.