Jan 21

ඉස්ලාම් අන්තවාදය අතුගා දමනවා ට්‍රම්ප් දිවුරුම් දෙමින් කියයි (video)

ඇමෙරිකාව අන්තවාදී ඉස්ලාම් ත්‍රස්තවාදයට එරෙහිව ශිෂ්ට ලෝකය සමග එක්වෙමින්, ඒ ත්‍රස්තවාදය සම්පූර්ණයෙන්ම මිහිතලයෙන් අතුගා දමන බව ඩොනල්ඩ් ට්‍රම්ප් අවධාරණය කරයි.

ඇමෙරිකාවේ නව ජනාධිපතිවරයා ලෙස දිවුරුම්දීමෙන් අනතුරුව ජාතිය අමතමින් ට්‍රම්ප් මෙසේ පවසා සිටියේය.

එමෙන්ම, ඇමෙරිකාව අංක එකට ගැනීමේ ප්‍රතිපත්තියේ තමන් සිටින බව ජනතාව ඉදිරියේ පොරොන්දු වූ ට්‍රම්ප් පවසා සිටියේ, තම ශරීරයේ වූ සෑම හුස්ම රැල්ලක්ම ඇමෙරිකානු ජනතාව වෙනුවෙන් සටන් කිරීමට යොදවන බවයි. එමෙන්ම, තමන් කිසිම විටෙක ඇමෙරිකානු ජනතාව පසුබසින ජාතියක් නොකරන බවද ඔහු අවධාරණය කළේය.

වෙළෙඳාම, බදු, සංක්‍රමණික, විදේශ ප්‍රතිපත්ති ආදී ඕනෑම තීරණයකදී ඇමෙරිකානු කම්කරුවන් හා ඇමෙරිකානු පවුල් ආරක්ෂා වන ආකාරයට ඒ සෑම තීරණයක්ම ගන්නා බවද ඔහු අවධාරණය කළේය.

එමෙන්ම, සිය කතාව තුළ පසුගිය ඔබාමා පාලන සමයේ දුර්වලතා පිළිබඳ ඉඟි කිරීම්ද පැවතියේය. කෙසේ වෙතත්, ඒ සිදුවීම් අතීතය බව සිහිපත් කළ ඔහු, අප දැන් බලන්නේ අනාගතය දෙස පමණක් බවද කියා සිටියේය.

මේ බල හුවමාරුව පුද්ගලයෙකුට හෝ පක්ෂයකට ලැබුණු හුවමාරුවක් නොවන බව පැවසූ ට්‍රම්ප්, මේ බල හුවමාරුව ඇමෙරිකානු සුක්කානම යළි ජනතාව අතට පත්වූ අවස්ථාවක් බව කියා සිටියේය.

ඇමෙරිකාව යළිත් ජයග්‍රාහී මාවතට පිවිස ඇති බවත්, පෙර නොවූවිරූ ජයග්‍රහණ ඇමෙරිකාව ලබනු ඇති බවත් ට්‍රම්ප් සිය කතාවේදී අවධාරණය කළේය.

ඉදිරියේදී අභියෝග පැවතියත්, අසීරුතාවන්ට මුහුණදීමට සිදුවුවත්, රටක් ලෙස අපේ කාර්ය ඉටුකරන බව ඔහු සපථ කළේය.

තම වචනයේ නාමයෙන්, ඔබව තවදුරටත් නොසලකා නොහරින බවත්, එක්ව ඇමෙරිකාව යළිත් ශ්‍රේෂ්ඨ ජාතියක් බවට පත්කළ හැකි බවත් ට්‍රම්ප් අවධාරණය කළේය.

එමෙන්ම, ඇමෙරිකාව යළිත් ධනවත්, ආඩම්බර ඒ වගේම, ශ්‍රේෂ්ඨ ජාතියක් බවට පත්කළ හැකි බව ඔහු යළි යළිත් අවධාරණය කරමින්, ඇමෙරිකාවට දෙවි පිහිටයි කියා කියමින් සිය කතාව අවසන් කළේය.

වචන 1,453කට සීමා වූ ට්‍රම්ප්ගේ කතාව වර්ෂ 1977 දී ජීමී කාටර් ජනාධිපතිවරයාගෙන් පසුව අභිනව ජනාධිපතිවරයෙකු ඉදිරිපත් කළ කෙටිම දේශනය වුවත්, එය වඩාත් ශක්ති සම්පන්න දේශනයක් බව විචාරකයෝ පැවසූහ.

ට්‍රම්ප් ජාතිය අමතා සිදුකළ ප්‍රථම කතාවෙන් අනතුරුව පූජ්‍ය පක්ෂය විසින් කෙටි දේශන කිහිපයක් පැවැත්වීය.









ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.