Jan 01

බයේ හැංගිලා ගියේ නැහැ නෙහාරයි මේනකයි හදිස්‌සියේම ලංකාවට

ලංකාවෙන් ගියේ
වැඩ නැතිව නෙමෙයි

අපි කාටවත් බයේ 
හැංගිලා ගියේ නැහැ

ඇමරිකාව බලා ගිය නෙහාරා පීරිස්‌ වගේම මේනක රාජපක්‍ෂ කාටවත් නොකියාම අවුරුද්දකට විතර පස්‌සේ ලංකාවට ආවා. ඒ පසුගිය 17 වැනිදා.


මේනක හදිසියේම ලංකාවට ආවේ ඇයි ?

මේක සර්ප්‍රයිස්‌ විසිට්‌ එකක්‌. දෙසැම්බර් 17 වැනිදා තමයි ලංකාවට ආවේ. කාටවත් කිව්වේ නැහැ. ඒ හින්දා මාධ්‍ය දන්නෙත් නැහැ.

මාධ්‍යයෙන් වහන්වෙලා ආවේ ඇයි ?

මාධ්‍යයෙන් හංගාගෙන නෙමෙයි ආවේ. අම්මලා තාත්තලාගෙන් හංගාගෙන තමයි ආවේ.

නෙහාරා අම්මා තාත්තා මොකද කිව්වේ ?

ඇත්තම කිව්වොත් මගේ අම්මයි මේනකගේ අම්මයි ගොඩක්‌ සතුටුවුණා. ඒ ගොල්ලන්ට හිතාගන්න බැරිවුණා. මගේ තාත්තා ඇඬුවා. මේනකගේ අක්‌කා විතරයි දන්නේ අපි ලංකාවට එනවා කියලා. මේක ප්ලෑන් කරලා කරපු වැඩක්‌.

ක්‍ෂේත්‍රයේ කාටවත් කිව්වේ නැහැ කියන්නේ ඇත්තද?

ඔව්. ක්‍ෂේත්‍රයේ කාටවත් කිව්වේ නැහැ. ගොඩක්‌ වෙලාවට පවුල් මාර්ගයෙන් ආරංචිවෙනවා. අනික නෙහාරාගේ අම්මාව ක්‍ෂේත්‍රයේ ගොඩක්‌ දෙනෙක්‌ දන්නවා. ඒකයි අපි කාටවත් කිව්වේ නැත්තේ. අපි හැමෝටම කිව්වේ ලබන අවුරුද්දේ ජුනි ලංකාවට එනවා කියලයි.

ඇයි ඒ තීරණය එකපාරටම වෙනස්‌වුණේ ?

අපි තීරණය කරලා තිබුණේ දෙසැම්බර් එන්න. ලබන අවුරුද්දේ ජුනි එනවා කිව්වහම කවුරුත් හිතන්නේ නැහැනේ දෙසැම්බර් මාසයේ ලංකාවට එනවා කියලා. කොහොම හරි අපේ උත්සාහය සාර්ථකයි.

මේනක කවදාද ආපහු ලංකාවෙන් යන්නේ ?

ජනවාරි 08 වැනිදා ආපහු ලංකාවෙන් යනවා. ඊට පස්‌සේ ආපහු එන්න බලාපොරොත්තුවක්‌ තියෙනවා. ළඟදීම නෙමෙයි.

නෙහාරා, මේනකත් එක්‌ක ඇමරිකාවේ ගෙවපු ජීවිතය එහෙම කොහොමද ?

හරිම සුන්දරයි. නිදහසේ ජීවිතය ගත කළා. මම හරි ආසයි ඒ නිදහස්‌ ජීවිතයට.

ඇමරිකාවේ ඉන්නකොට නිර්මාණවලට ආරාධනා එහෙම ලැබුණා කියන්නේ ඇත්තද?

ආරාධනා නම් ලැබුණා. නමුත් සහභාගිවෙන්න විදිහක්‌ නැහැ.

මේනක රඟපෑ නාට්‍යය තවමත් විකාශනය වෙනවා?

මම මීට කලින් රඟපෑ නාට්‍ය දෙකක්‌ විකාශනය වෙනවා. ඒ වගේම තව භාගෙට කරපු නාට්‍ය කිහිපයක්‌ විකාශනය වෙන්න ගත්තහම ඒවාට ආපහු මට පුළුවන් වෙලාවකට ලංකාවට ඇවිත් සම්බන්ධවෙන්න වේවි.

නෙහාරා ලංකාව දාලා ගිය එක ගැන දුකක්‌ තියෙනවාද?

කිසිම දුකක්‌ නැහැ. මමයි මේනකයි ගොඩක්‌ සතුටුවෙනවා කාටවත් එපාවෙන්න කලින් හැමෝම ආදරය කරන අවස්‌ථාවේ ලංකාවෙන් පිටවුණ එක ගැන. එතකොට හැමදාම අපිව මිනිස්‌සුන්ගේ මතකයේ රැඳෙAවි. ඔවුන්ගේ ආදරය තියේවි. ලංකාවේ ඉන්නකොට හැමදාම ෂූටින්නේ. ඒක හින්දා ඇමරිකාවට ගිය මුල් කාලයේ පුංචි දුකක්‌ තිබුණා. හැබැයි ඒකත් ටික දවසක්‌ ගියාට පස්‌සේ සාමාන්‍ය තත්ත්වයට හැරුණා.

මේනක ඇමරිකාවේ ගෙවන ජීවිතය ගැන මොකද හිතෙන්නේ ?

ඇමරිකාවේ අපිව කවුරුවත් දන්නේ නැහැ. ඒ හින්දා හරි සැහැල්ලුවෙන් ජීවිතය ගත කරනවා. මම මගේ වැඩිදුර අධ්‍යාපන කටයුතු සිදුකරගෙන යනවා.

මේනකට ලංකාවේ ඉන්න අධ්‍යක්‍ෂවරු නිර්මාණවලට ආරාධනා කළේ නැතිද ?

එහෙම ආරාධනා ලැබිලා තියෙනවා.

ඇමරිකාව දාලා එන්න කියන්නේ නැතිද?

කවුරුවත් ඇමරිකාව දාලා එන්න කියන්නේ නැහැ. බොහෝ දෙනා කියනවා හොඳම කාලේ ගියේ කියලා.

පීක්‌ එකේ ඉන්න කාලේ ගිය එක හොඳයි ?

පීක්‌ එකේ ඉන්න කාලේ නෙමෙයි. කලාව බිඳ වැටෙන කාලයේ තමයි අපි ඇමරිකාව බලා ගියේ. අපිට පීක්‌ම කාලයක්‌ තිබුණා. හැබැයි අපි ලංකාවෙන් ගියේ වැඩ නැතිව නෙමෙයි. ඇමරිකාවට ගිහිං මම මාසයකට විතර පස්‌සේ ලංකාවට ආවා. මොකද මම බාරගත්තු වැඩ කිහිපයක්‌ තිබුණා අවසන් කරන්න. අපි ඇමරිකාවේ මුළුමනින්ම ඉන්න ගිය ගමනක්‌ නෙමෙයි. අධ්‍යාපන කටයුතු අවසන් කරලා ලංකාවට එන්න අදහසක්‌ තියෙනවා.

මේ පාර ලංකාවට ආපු වෙලාවේ ලැබුණ ප්‍රතිචාර එහෙම කොහොමද?

සමහරු දෙපාරක්‌ තුන්පාරක්‌ අපි දෙන්නා දිහා බලනවා. මොකද අවුරුද්දකට විතර පස්‌සෙනේ ලංකාවට ආවේ.

ඇමරිකාවේ සැප හොඳයිනේ. ඒකයි මහත්වෙලා තියෙන්නේ ?

ටිකක්‌ තරබාරුවෙලා. රැවුලත් වැවිලානේ. මේ මේනකමද කියලා සමහරු හිතනවා ඇති.

නෙහාරා හිටියාට වඩා පොඩිවෙලා වගෙයි ?

ඔය කතාව හැමෝම කියනවා. පවුලේ අයත් ආපු ගමන් ඔය කතාව කිව්වා. මට වෙලා තියෙන හින්දා ව්‍යායාම් කරනවා.

අම්මා තාත්තා මොකද කිව්වේ ?

මම කෙට්‌ටුවෙනවාට ඒ ගොල්ලෝ එච්චර කැමැති නැහැ.

මේ පාර ලංකාවට ඇවිත් මොනවාද කරන්නේ ?

නිවාඩුව ගත කරන්න තමයි ලංකාවට ආවේ. අපි දෙන්නාම ඇමරිකාවේදී අධ්‍යාපන කටයුතුවල නිරතවෙලා ඉන්නවා. ඒ හින්දා හරි හැටි නිවාඩුවක්‌ හම්බවෙන්නේ නැහැනේ. සති තුනක නිවාඩුවකට තමයි ලංකාවට ආවේ. අනික පවුලේ අයත් එක්‌ක කාලය ගත කරන්න ඕනෑ.

මාධ්‍ය ඉදිරියටත් වැඩිපුර එන්න අදහසක්‌ නැහැ කියන්නේ ඇත්තද?

ඔව්. අපි දෙන්නා වැඩිපුර වැඩසටහන්වලට සහභාගිවෙන්න අදහසක්‌ නැහැ. මොකද දින නැහැ. අපේ සාද පැවැත්වෙනවා. මාධ්‍ය මගේ හිත මිතුරන් තරහවෙන්න එපා. ආපහු ලංකාවට ආපු වෙලාවක රූපවාහිනි වැඩසටහන්වලට සහභාගිවෙනවා. මෙදා සැරේ කිසිම වැඩසටහනකට සහභාගි නොවන්න තමයි කල්පනාව.

නිවාඩුව උපරිම විඳින්න හදනවා වගෙයි ?

අපොයි ඔව්. එක තත්ත්පරයක්‌වත් අපතේ නොයවා පවුලේ උදවියත් එක්‌ක ඉන්න තමයි කල්පනාව. මම ඒකින් අදහස්‌ කරන්නේ නැහැ රූපවාහිනි වැඩසටහන්වලට සහභාගිවෙනවා කියන්නේ කාලය අපතේ යනවා කියන එක. මේ කාලයේ අපි පවුලේ උදවියත් එක්‌ක ඉන්න තමයි කල්පනාව.

ආපහු රඟපාන්න අදහසක්‌ නැතිද?

තවම තීරණය කරලා නැහැ. මගේ අධ්‍යාපන කටයුතුවලට තව අවුරුදු එක හමාරක්‌ විතර තියෙනවා. මට පොඩි බයක්‌ තියෙනවා වැඩක්‌ භාරගෙන මම හින්දා ඒ සියල්ල අවුල්වෙයි කියලා. මොකද මට ඕනෑ ඕනෑ වෙලාවට එහේ ඉඳන් එන්න බැහැනේ.

නෙහාරා මේනක කැදැල්ලට තුන්වැන්නෙක්‌ එකතුකරගන්නේ කවදාද?

ඒවා වෙලාවට සිදුවේවි.

නෙහාරාගේ අනාගත සිහින මොනවාද?

අපි දෙන්නට ලොකු බලාපොරොත්තුවක්‌ නැහැ. මොකද ජීවිතය කියන්නේ වෙනස්‌වෙන දෙයක්‌නේ. අනික කියපු දෙයක්‌ නොකර වෙන දෙයක්‌ කරනකොට ලංකාවේ මිනිස්‌සු ගොඩක්‌ වෙලාවට බලාගෙන ඉන්නවා හිනාවෙන්න. ඒක හින්දා අපි දෙන්නා බොහොම කල්පනාවෙන් වැඩකරගෙන යනවා. ජීවිතේට එන හැටියට මුහුණදෙනවා.

නෙහාරා මේනක ලංකාවෙන් ගිය වෙලාවෙත් අන්තර්ජාලයේ විවිධ කතා පැතිරුණා ?

අන්තර්ජාලය බලාගෙන ඉන්නේ කොයිවෙලාවෙත් විවිධ කතා පතුරුවන්නනේ. මම හිතන්නේ විවිධ කතා කියන්නේ අපි ගොඩක්‌ අඬබෙර ගැහැව්වේ නැහැ ලංකාවෙන් යනවා කියලා. නමුත් ටෙලිනාට්‍ය ශිල්පීන්ට මාස තුනක්‌ හතරක්‌ තියලා කිව්වා. ඉතිං ටෙලිනාට්‍යවලින් මොකක්‌ හරි හේතුවක්‌ හින්දා ඒ ආරංචිය එළියට ගියේ නැහැ. ඉතිං අන්තිම මොහොතේ ලංකාවෙන් පිටවෙනකොට තමයි මාධ්‍ය දැනගත්තේ. හැබැයි අපි කාටවත් බයේ පැනලා ගියා නෙමෙයි. කියන්න පු ළුවන් හැමෝටම කියලා ගියේ. අනික ඒ කාලේ අධික ලෙස රූගත කිරීම් තිබුණා. ඒක හින්දා ටිකක්‌ විතර කාර්යබහුල වුණා.

දිනේෂ් විතාන
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.