Jan 23

බස්-කන්ටේනර් ගැටුමෙන් දෙදෙනෙක් මරුට-33ට තුවාලයි!

බස් රථයක් හා කන්ටේනර් රථයක් එකිනෙක ගැටීමෙන් පස්යාල ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 33 දෙනෙකු තුවාල ලබා තිබේ.

අද (23) අලුයම 5.00 ට පමණ කොළඹ-නුවර මාර්ගයේ පස්යාල ප්‍රදේශයේ බටලීය හංදිය ආසන්නයේ සිදුවූ මෙම අනතුරෙන් තුවාල ලැබූවන් රෝහල් ගත කර තිබේ.

වරකාපොළ දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ කන්ටේනර් රථයක් සහ කොළඹ සිට නුවර දෙසට ධාවනය වූ ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.

 අනතුරින් බස් රථය පෙරළී ගොස් ඇති බව නිට්ටඹුව පොලිසිය පවසයි.

අනතුරින් තුවාල ලැබූවන් ප්‍රතිකාර සඳහා  වතුපිටිවල රෝහලට ඇතුළත් කර තිබේ.

මේ අතර අනතුර හේතුවෙන් කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් පවතින බැවින් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලීමක් කරයි.

නිට්ටඹුව පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.