Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Official Youtubue Account

Hot Gossip - Lanka WALPAL News

Sponsored Ads

Gossip - Lanka Latest

රාජිත සේනාරත්න ඇමැතිවරයා ප්‍රකාශ කරන ආකාරයට ඩුබායිහි බැංකු ගිණුම් ප්‍රශ්නයක්‌ පිළිබඳව තබා තම දරුවන්ට තිබෙන ප්‍රශ්නයක්‌ ගැනවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමඟ තමා කිසිදු අවස්‌ථාවක කතා කර නැතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ප්‍රකාශ කළේය.

මෙයද පසුගිය මැතිවරණ කාලයේදී කියූ බොරුවලට සමාන තවත් එක්‌ අමූලික බොරුවක්‌ බවද හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.

හිටපු ජනාධිපතිවරයා එබව සඳහන් කළේ බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි කාර්යාලයට පැමිණි අවස්‌ථාවේදී, ඇමති රාජිත සේනාරත්න මහතා කල ප්‍රකාශයක් සම්බන්ධයෙන්  මාධ්‍යවේදියකු විමසූ අවස්‌ථාවේදීය.

රාජිත සේනාරත්න ඇමැතිවරයා වැනි කෙනකු කරන මෙවැනි බොරු ප්‍රචාරවලට උත්තරදීමට තමා අකමැති වූවත්, ජනතාවට සත්‍යය දැන ගැනීම සඳහා මේ බව ප්‍රකාශ කරන බවද ඔහු පැවැසීය.

 හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් මෙසේද කීවේය.

''ජනාධිපතිවරයා පසුගියදා හිටපු ආරක්‍ෂක ලේකම්වරයා ඇතුළු හිටපු නාවික හමුදාපතිවරුන් තිදෙනකු අධිකරණයට ගෙනයැම ගැන සඳහන් කරමින් කළ කතාව සියලුම විද්යුත් හා මුද්‍රිත මාධ්‍යවල ප්‍රචාරය වූවා.

විද්‍යුත් මාධ්‍ය තුළින් ජනතාව ඇසූ දුටු එම කතාවද විකෘති කරමින් ජනාධිපතිවරයා හිටපු ආරක්‍ෂක ලේකම්වරයා ගැන සඳහන් නොකළ බව කියන රාජිත සේනාරත්න ඇමැතිවරයා වැනි කෙනකුට කියන්න බැරි බොරුවක්‌ නැහැ.

 මා කිසිවිටකත් අල්ලස්‌ කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල්වරියට ද කතා කර නැහැ.''

දිල්රුක්ෂි තොරතුරු දුන්නා :
අල්ලස්‌ හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල් දිල්රුක්‍ෂි ඩයස්‌ වික්‍රමසිංහ මහත්මිය විසින් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට එම කොමිසමේ තොරතුරු රහසේ ලබාදී ඇති බව 18දා පැවති කැබිනට් මණ්ඩල තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පැවසු සම කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා,  හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ඩුබායි හි ඇතැයි කියන බැංකු ගිනුම් පිරික්සීමට එහි රජුට ජනපති මෛත්‍රී මහතාගේ අත්සනින් යුත් ලිපියක් ඉල්ලාගත් අල්ලස්‌ හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල් දිල්රුක්‍ෂි ඩයස්‌ වික්‍රමසිංහ මහත්මිය එය ඉල්ලා ගැනීමෙන් පැයකට පමණ පසුව ඒ බව හිටපු ජනපතිවරයාට දැනුම්දී ඇති බව සඳහන් කළේය.

දිල්රුක්ෂි මහත්මියත්, ජනපති මෛත්‍රී මහතාත් පමණක් දන්නා මේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ජනපති මහින්ද මහතා එම ලිපිය ලබාදී පැයකට පමණ පසුව ජනපතිවරයාට දුරකථන ඇමතුමක් ලබාදී ඒ ගැන විමසීමෙන් දිල්රුක්ෂි මහත්මිය අදාළ තොරතුරු හෙළිකර ඇති බව ඒත්තු ගැන්වෙන බවද රාජිත මහතා කියා සිටියේය.
අපගේ ගොසිප් පුවත් එසැණින් දැනගන්න
නිල ෆෙස්බුක් පිටුව ලයික් කරන්න

Gossip - Lanka Previous News

© 2013-2016 Gossip - Lanka News Email : info@gossip-lankanews.com
Advertising - Contact Here Editor - Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.

Gossip - Lanka OTHTHUKARU News

Gossip - Lanka PHOTO Gallery

Contact News EDITOR

Sponsored Ads