Oct
21
අලුත් ක්රිකට් කොන්ත්රාත්තුවට 17ක් කැමති වුණත් ලසිත්, නුවන්, තිසර, කපු කෝ ?

ඒ අනුව ඇන්ජිලෝ මැතිව්ස්, රංගන හේරත්, දිනේෂ් චන්දිමාල්, දිමුත් කරුණාරත්න, කුසල් පෙරේරා, සුරංග ලක්මාල් , ළහිරු තිරිමාන්න, දිල්රුවන් පෙරේරා, කුසල් මෙන්ඩිස්, මිලින්ද සිරිවර්ධන, නුවන් ප්රදීප්, කෞෂාල් සිල්වා, ධනංජය ද සිල්වා, දුෂ්මන්ත චමීර, ධනුෂ්ක ගුණතිලක, ජෙෆ්රි වැන්ඩර්සේ, හා ලක්ෂාන් සඳකැන් යන ක්රීඩකයින් දාහත්දෙනා නව කොන්ත්රාත්තු අස්සන් කිරීමට එකඟ වී ඇත.
කෙසේ වෙතත් කෙටුම්පත් කර ඇති නව ක්රිකට් ක්රීඩක කොන්ත්රාත්තු ක්රීඩකයින් පෙන්වන දක්ෂතා මත වැඩි ආදායමක් උපයාගැනීමේ පදනම මත සකස් වී ඇති අතර මෙම නව ගෙවීමේ ක්රමය ආසියානු කලාපයේ ක්රිකට් ක්රීඩා කරන අනෙක් රටවලද යොදා ගන්නා නව ක්රමයකි. තවද මෙම හඳුන්වා දී ඇති නව කොන්ත්රාත්තු ක්රමය පෙරට වඩා යහපත් එකක් වන බව ක්රිකට් ක්ෂේත්රයේ බහුතරයකගේද මතය වී ඇත.
