Oct 20

ක්‍රීඩකයන් ගිවිසුම් අත්සන් නොකිරීමේ අර්බුදයේ අලුත්ම තත්ත්වය

වාර්ෂික ගිවිසුම් සඳහා ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කී‍්‍රඩකයන් තවමත් අත්සන් තබා නැතැයි ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරි ඇෂ්ලි ද සිල්වා පවසනවා.

බොහෝ විට කී‍්‍රඩකයන් අද (20) දහවල් 12 ට පෙර ගිවිසුම් අත්සන් කරනු ඇතැයි තමා විශ්වාස කරන බවයි ඈෂ්ලි ද සිල්වා පැවසුවේ. කි‍්‍රකට් කී‍්‍රඩකයන්ගේ පැවති පැරණි ගිවිසුම් සඳහා අලුතින් එකතු කර ඇති කොන්දේසි කිහිපයක් නිසා ගිවිසුම් අත්සන් කිරීම ඔවුන් විසින් ප‍්‍රමාද කළා.

විශේෂයෙන්ම කී‍්‍රඩකයෙකුට හිමි තරග මුදල්වලින් සියයට 10ක ප‍්‍රමාණයක් අදාළ ක‍්‍රීඩකයා විසින් නම් කරන ඔහුගේ ‘‘කළමනාකරු’’ යන තනතුර දරන පුද්ගලයෙකුට ගෙවිය යුතුයි. එය වෘත්තීය කී‍්‍රඩක කොන්ත‍්‍රාත්තුවල පවතින සාමාන්‍ය කොන්දේසියක් වුවත්, මේ දක්වා ශී‍්‍ර ලංකාවේ වෘත්තිය කි‍්‍රකට් කී‍්‍රඩකයන්ගේ ගිවිසුමෙහි එය අඩංගු වී තිබුණේ නැහැ.

කී‍්‍රඩකයන්ට නව ගිවිසුම අනුව තරගාවලි සහ දක්ෂතා මත වැඩි දීමනා ලබා ගැනීමට අවස්ථාව ලැබෙන පරිදි එය සකස් කර තිබෙනවා. නමුත් පැරණි ගිවිසුමට අනුව තරග ජයග‍්‍රහණය කළත් නොකලත්, අදාළ කී‍්‍රඩකයා දක්ෂතා අතරට පැමිණියත් නැතත්, ඇතැම් විටෙක තරග සංචාරයක් අතරතුර ආබාධයකට ලක්ව සමස්ත තරගාවලියටම ඉන්පසු සහභාගි නොවුණත්, ගිවිසුම් ප‍්‍රකාරව ඔවුන්ට ගෙවිය යුතු සියලු මුදල් ගෙවීමට කි‍්‍රකට් ආයතනය බැඳී සිටියා.

එම කොන්දේසි සංශෝධනය කර ඇති කි‍්‍රකට් ආයතනය අලුතින් හඳුන්වාදී ඇති තරගාවලි සහ දක්ෂතා මත පදනම් වූ දීමනා ක‍්‍රමයට ජ්‍යෙෂ්ඨ කී‍්‍රඩකයන් රැසක් විරෝධය පළ කර තිබෙනවා. එමෙන්ම පසුගිය කාලයේ දිගින් දිගටම අසාර්ථක වූ ටෙස්ට් කී‍්‍රඩකයන් කිහිපදෙනෙකුද ජ්‍යෙෂ්ඨ කී‍්‍රඩකයන් සමග එක් වී කි‍්‍රකට් ආයතනයට එරෙහිව මෙම නව ගිවිසුම හෙළා දකිමින් අදහස් පළ කර ඇතැයිද වාර්තා වුණා.

කෙසේ වෙතත් වයස අවුරුදු 19 න් පහළ ශී‍්‍ර ලංකා කණ්ඩායමේ සහ දැනට කණ්ඩායමේ සිටින තරුණ සහ නවක කී‍්‍රඩකයන් නව ගිවිසුම කෙරෙහි කිසිඳු විරෝධයක් නොදක්වන බවයි වාර්තා වන්නේ. එහෙත් කණ්ඩායම තුළ දැඩි එ්කාධිකාරියක් ගොඩනගාගෙන සිටින ජ්‍යෙෂ්ඨ කී‍්‍රඩකයන් දෙදෙනෙකුට ඇති බිය හේතුවෙන් කිසිවෙකු මේ පිිළිබඳ ප‍්‍රසිද්ධියේ අදහස් නොදක්වන බවයි කණ්ඩායමේම කනිෂ්ඨ කී‍්‍රඩකයන් ප‍්‍රකාශ කළේ.

මේ අතර කී‍්‍රඩා ගිවිසුම් අත්සන් කිරීම පිළිබඳ සාකච්ඡා කිරීමට ඊයේ (19) රාත‍්‍රියේ ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල් සහ රංගන හේරත් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය වෙත පැමිණියා. කී‍්‍රඩකයන් නව ගිවිසුම්වලට එරෙහිව මුරණ්ඩු ප‍්‍රතිපත්තියක් අනුගමනය කළහොත් එළැඹෙන සිම්බාබ්වේ සංචාරයට වෙනම කණ්ඩායමක් ඉදිරිපත් කිරීමට සූදානම් බවයි කි‍්‍රකට් ආයතන ආරංචි මාර්ග සඳහන් කළේ.

කී‍්‍රඩා කොන්ත‍්‍රාත් ගිවිසුමට අනුව පළමු කාණ්ඩයට ඇතුළත් වී සිටින එක් කී‍්‍රඩකයෙකුට වසරකට රුපියල් ලක්ෂ 125ක් අනිවාර්ය ස්ථිර දීමනාවක් ලෙස හිමිවනවා. ඊට තරග ජයග‍්‍රාහී මුදල් හෝ පෞද්ගලික දක්ෂතා මත ලැබෙන මුදල් කිසිවක් ඇතුළත් වන්නේද නැහැ. දෙවන කාණ්ඩයට අයත් කී‍්‍රඩකයන්ට රුපියල් ලක්ෂ 80ක් වාර්ෂිකව හිමිවන්නේ ස්ථිර දීමනාවක් ලෙසයි. 3 වන කාණ්ඩයේ කී‍්‍රඩකයන් සඳහාද ස්ථිර ලෙසම වාර්ෂිකව රුපියල් ලක්ෂ 60ක් ගෙවීමට කි‍්‍රකට් ආයතනය බැඳී සිටිනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.