Oct
21
'රාජිත කියන්නේ අමුලික බොරු'- මහින්ද
මෙයද පසුගිය මැතිවරණ කාලයේදී කියූ බොරුවලට සමාන තවත් එක් අමූලික බොරුවක් බවද හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.
හිටපු ජනාධිපතිවරයා එබව සඳහන් කළේ බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි කාර්යාලයට පැමිණි අවස්ථාවේදී, ඇමති රාජිත සේනාරත්න මහතා කල ප්‍රකාශයක් සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු විමසූ අවස්ථාවේදීය.
රාජිත සේනාරත්න ඇමැතිවරයා වැනි කෙනකු කරන මෙවැනි බොරු ප්‍රචාරවලට උත්තරදීමට තමා අකමැති වූවත්, ජනතාවට සත්‍යය දැන ගැනීම සඳහා මේ බව ප්‍රකාශ කරන බවද ඔහු පැවැසීය.
හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් මෙසේද කීවේය.
''ජනාධිපතිවරයා පසුගියදා හිටපු ආරක්ෂක ලේකම්වරයා ඇතුළු හිටපු නාවික හමුදාපතිවරුන් තිදෙනකු අධිකරණයට ගෙනයැම ගැන සඳහන් කරමින් කළ කතාව සියලුම විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යවල ප්‍රචාරය වූවා.
විද්‍යුත් මාධ්‍ය තුළින් ජනතාව ඇසූ දුටු එම කතාවද විකෘති කරමින් ජනාධිපතිවරයා හිටපු ආරක්ෂක ලේකම්වරයා ගැන සඳහන් නොකළ බව කියන රාජිත සේනාරත්න ඇමැතිවරයා වැනි කෙනකුට කියන්න බැරි බොරුවක් නැහැ.
මා කිසිවිටකත් අල්ලස් කොමිසමේ අධ්යක්ෂ ජනරාල්වරියට ද කතා කර නැහැ.''
දිල්රුක්ෂි තොරතුරු දුන්නා :
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්යක්ෂ ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය විසින් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට එම කොමිසමේ තොරතුරු රහසේ ලබාදී ඇති බව 18දා පැවති කැබිනට් මණ්ඩල තීරණ දැනුම්දීමේ ප්රවෘත්ති සාකච්ඡාවේදී පැවසු සම කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා, හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ඩුබායි හි ඇතැයි කියන බැංකු ගිනුම් පිරික්සීමට එහි රජුට ජනපති මෛත්‍රී මහතාගේ අත්සනින් යුත් ලිපියක් ඉල්ලාගත් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්යක්ෂ ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය එය ඉල්ලා ගැනීමෙන් පැයකට පමණ පසුව ඒ බව හිටපු ජනපතිවරයාට දැනුම්දී ඇති බව සඳහන් කළේය.
දිල්රුක්ෂි මහත්මියත්, ජනපති මෛත්‍රී මහතාත් පමණක් දන්නා මේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ජනපති මහින්ද මහතා එම ලිපිය ලබාදී පැයකට පමණ පසුව ජනපතිවරයාට දුරකථන ඇමතුමක් ලබාදී ඒ ගැන විමසීමෙන් දිල්රුක්ෂි මහත්මිය අදාළ තොරතුරු හෙළිකර ඇති බව ඒත්තු ගැන්වෙන බවද රාජිත මහතා කියා සිටියේය.