Aug 11

සෝනක්ෂි සින්හා ගායිකාවක් වෙලා...

සෝනක්ෂි සින්හා මේ වන විට බොලිවුඩයේ සුපිරි නිළියක් වුණාට ඇය පළමුව ක්ෂේත්‍රයට පිවිසෙන්නේ ඇඳුම් නිර්මාණ ශිල්පිනියක් විදියට.

ඒ 2005දී තිරගත වූ මෙරේදිල් ලේකේ දෙකෝ කියන චිත්‍රපටයට ඇඳුම් නිර්මාණය කරමින්. ඊට පසුව 2010දී තමයි ඇය ප්‍රථමවරට චිත්‍රපට නිළියක් විදියට බොලිවුඩයේ දිදුලන්න පටන් ගන්නේ. ඒ දබාන්ග් චිත්‍රපටයෙන්. සල්මාන් ඛාන් සමඟ ප්‍රධාන චරිතය රඟපාමින්.

ඒ විදියට රංගනයට සම්බන්ධ වන සෝනක්ෂි කෙටි කාලයකදී බොලිවුඩයේ සම්මානනීය නිළියක් බවට පත්වෙනවා.

නමුත් රංගනයට පමණක් නොව තමන් සතුව තවත් කුසලතා ඇති බව තහවුරු කරමින් ඇය දැන් ගායනයටත් පිවිස සිටිනවා. පසුගිය කාලයේදී පරිනීති චොප්රා, ප්‍රියංකා චොප්රා, ආලියා බාත්, ශ්‍රද්ධා කපූර් ගීත ගායනා කරමින් ඔවුන්ගේම වීඩියෝ නිර්මාණත් එළිදැක්වූවා.

Actresses-who-sing කියලා සංවිධාන වුණු මේ කිහිපදෙනා අතරට සෝනක්ෂි සින්හත් දැන් එකතුවෙලා. ඉදිරියේදී තිරගත වීමට නියමිත Ahira බොලිවුඩ් චිත්‍රපටයට තමයි සෝනක්ෂි මේ විදියට ගීත ගායනා කරන්නේ.

එම ගීතය නිල වශයෙන් පසුගිය සතියේදී එළිදැක්වීමද සිදු කළා. මේ ගීතය නම් කරලා තියෙන්නේ Aaj Mood Ishqholic Hai කියලයි. ඇය කියන විදියට නම් පෙර පුහුණුවීම්වලින් තොරව වීඩියෝව තිරගත කරන අවස්ථාවේදීම තමයි ගීතය පුහුණුවෙලා තියෙන්නේ. ඔබටත් දැන් මේ ගීතය යූ ටියුබ් ඔස්සේ බලන්න අහන්න පුළුවන්.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.