Aug
11
සිසු – ගුරු දෙගොල්ලොන්ටම පණිවුඩයක්

එහි කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්. එම්. එන්. ජේ. පුෂ්පකුමාර සඳහන් කළේ උසස් පෙළ විභාගය ආරම්භ වූ දින සිට මේ දක්වා සිසුන් සිදුකළ වංචනික කි‍්‍රයා සම්බන්ධයෙන් පැමිණිලි 48 ක් ලැබී ඇති බවයි.
ඇතැම් විභාග වංචා සම්බන්ධයෙන් මේ වනවිටත් විවිධ කි‍්‍රයාමාර්ග ගෙන තිබෙනවා. විභාග වංචාවලට සම්බන්ධ වන සිසුන්ට වසර 5 ක කාලයක් සියලු රජයේ විභාග තහනම් කිරීමටද නීතිමය හැකියාව පවතින බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ.
පසුගිය වසරේ උසස් පෙළ විභාගයේ සිදුවූ වංචනික කි‍්‍රයා 150 ක් සම්බන්ධයෙන් පැමිණිලි වාර්තා වුණා. කෙසේවෙතත් මේ වසරේ එහි අඩුවක් දක්නට ලැබෙන බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් කියාසිටියේ.