Aug 22

'මිස් ලැටීනා'වෙන්න ඇමෙරිකා යන මේනකා

ලොව පුරා පැවැත්වෙන රූ රැජින තරග ඉසව් සඳහා ශ්‍රී ලංකාවේ තරුණියන්ගේ නියෝජනය පසුගිය කාලයේ බහුලව සිදුවුණා. ටෙලිනාට්‍ය හා සිනමා නිලි මේනකා මධුවන්තිටත් මෙවැනි අවස්ථාවකට දායක වීමේ ආරාධනා ලැබී තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාව වෙනුවෙන් මෙම රූ රැජින ඉසව්ව නියෝජනය සඳහා ඇය එළැඹෙන ඔක්තෝබරයේ දී ඇමරිකා යාමට නියමිත බව පවසනවා.

මේනකා මොකක්ද මේ රූ රැජින තරගය?

මේ බියුටි පැජන්ට් එකේ නම මිස් ලැටිනා ඉන්ටර්නැෂනල්. මෙය සංවිධානය කරන්නෙ ඇමරිකාවේ වර්ල්ඞ් චැම්පියන්ෂිප් ඕගනයිෂේසන් කියන සංවිධානයයි.

මොන විදියට පැවැත්වෙන තරගයක් ද?

නර්තන හැකියාවන්, රංගන හැකියාවන්, ගායන හැකියාවන් ඇතුළු තවත් අංශ වෙතින් දක්ෂතා මැන බලන බියුටි පැජන්ට් එකක්.

කී වැනි වතාවට ද මෙවර මෙය පැවැත්වෙන්නේ?


මම දැනගත් විදියට 20 වැනි වතාවටයි.

දැන් කවදද මෙය පැවැත්වෙන්නේ?

මෙම ඔක්තෝබර් 20 වැනිදා ඇමරිකාවේදීයි.

ඇයි මේනකාට මේ වගේ අවස්ථාවකට සහභාගී වෙන්න හිතුණේ?

මට මගේ හැකියාව ගැන විශ්වාසයි. මේ ඉසව්ව ගැන සොයා යද්දී රටට පුංචියට හෝ ගෞරවයක් ගෙන දිය හැකි අවස්ථාවක් බව තේරුම් ගත්තා. සාමාන්‍යයෙන් රටට ගෞරවයක් ගෙන දිය හැකි දෙයකට ඉදිරිපත් වෙද්දී ඊට බොහෝ දෙනාගේ ආශිර්වාදය ලැබෙනවා නම් හොඳ බව මගේ අදහසයි.

ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ දැන් වැඩිය දකින්න නැහැ නේද?
පසුගිය කාලයේ දී බොහෝ විට මට එක දිගටම ලැබුණෙ ඒකාකාරී චරිතයි. එක්කෝ පරාජිත පෙම්වතිය, නැත්නම් බටහිර ආරෙට ගිය චරිතයක්. ඒ එකම රාමුවකට කොටුවෙන්න මම කැමති නැහැ.

ඒ කියන්නෙ ඔබ ඕනෑම චරිතයක් රඟපෑමට සූදානම් ද?

රඟපෑමට එන ඕනෑම කෙනෙක් එකම චරිතයකට කොටු වෙන්න කැමැති නැහැ. මාත් එහෙමයි. රඟපෑම වෘත්තියක් කර නොගත්තත්, රඟපාන චරිතයට වෘත්තීය වටිනාකම සහ දායකත්වය දෙන්න සූදානම්. එයින් මේ දිනවල ‘ධරණි’ ටෙලි මාලාවේ මම රූගත කිරීම්වලට දායක වෙනවා. එය විකාශය වන දිනයට මෙතෙක් මා රඟපෑ චරිතවලට වඩා වෙනසක් දැකගත හැකි වේවි. කොහොම වුණත් පසුගිය කාලයේ දී වැඩිපුර මා ගැන කතා වුණේ ටෙලිනාට්‍යවලට වඩා චිත‍්‍රපටවල රඟපෑ චරිත නිසයි. ‘මහරජ අජාසත්ත’ නාට්‍යයේ රඟපෑ චරිතය ගැන වැඩි දෙනා කතා වුණා. ඒ විදියට චිත‍්‍රපට හයක විතර පසුගිය කාලයේ වැඩ කළා.

ඉදිරියේ ඔබ වැඩිපුර දකින්න පුළුවන් චිත‍්‍රපට සමග ද?

ඇත්තටම චිත‍්‍රපට කීපයක්ම විකාශනයට නියමිතයි. අර්ජුන් කමලනාත්ගෙ කුණාටුවේ මන්දිරය, සුදේශ් වසන්තගේ හැට හතර මායම් සහ බෝධි සමරනායකගේ නවතම චිත‍්‍රපටයේත් රඟපෑවා.

‘ජීවිතය’ සුන්දරයි?

ජීවිතය සුන්දර කරගන්න අපි දැන ගන්න ඕනෑ.

මොනවද ඒ වෙනුවෙන් කළ යුත්තේ?
අපි හොඳ දේ කළොත් ජීවිතය සුන්දර වේවි. ජීවිතය ගත කරන්නේ හොඳ දේ වෙනුවෙන්. ඉතින් මට ජීවිතය දැනෙන්නෙ සුන්දරවයි.

තවත් මොනවද කියන්න තියෙන්නේ?
අපි අපේ ස්ව උත්සාහයෙන් ලංකාවෙන් එළියට ගිහින් රටට පුංචි හෝ ජයග‍්‍රණයක් ගෙන දීමේ අපේක්ෂාවෙන් යන්න හදන මේ ගමනට හැමෝම ආශිර්වාද කරන්න කියලා තමයි කියන්න තියෙන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.