Jul
12
කොළඹ නාලන්ද විද්‍යාලයේ විදුහල්පති අත්අඩංගුවට
කොළඹ නාලන්ද විද්‍යාලයේ විදුහල්පති (වසන්ත රංජිත් ජයසුන්දර) අත්අඩංගුවට ගෙන තිබ්‍ෙ.
මීට හේතුව වශයෙන් සදහන් වූයේ විද්‍යාලය තුල තවත් ගුරුවරයෙකුට පහරදීම්‍ෙ සිද්ධියකි. විදුහල්පතිවරයා පාසලේ විදුහල්පති කාමරයේදී තවත් සිසුන් පිරිසක් යොදවා මෙම පහරදීම සිදුකර ඇති අතර එයින් ගුරුවරයා තුවාල ලබා ඇත.
තමන්ට ගුරුවරයා පහරදීමට තැත් කිරීම නිසා ආත්මාරක්ෂාවට කෑ ගසා සිසුන් පොළඹවා ගුරුවරයාට පහර දීම සිදුවූ බව නිදහසට කරුණු දක්වමින් විදුහල්පතිවරයා මින් ඉහත ප‍්‍රකාශ කර තිබී ඇති අතර සිද්ධිය අවස්ථාවේ විදුහල්පති කාමරය අසළ සිටි රෝහිණී හපුආරච්චි නමැති ගුරු මහත්මිය පමණක් සිදුවූ සියල්ල හැබැහින් දැක ක්ලාන්තවී තිබුණි.
විදුහල්පති වරයා මූල්‍යය අක්‍රමිකතා කරනා බවට පහරකෑමට ලක්වූ ගුරුවරයා ( සුසන්ත හේරත්) අල්ලස් කොමිසමට පැමිණිලි කිරීම හේතුවෙන් විදුහල්පති මෙලෙස පහරදී ඇති බවට තොරතුරු ලැබ්‍ෙ.
සිද්ධිය ඇසින් දුටු ගුරුවරිය මෙහි ඇත්ත තත්වය බොරැල්ල පොලීසියට පැමිණිලි කිරීමෙන් පසු විදුහල්පතිවරයා සම්බන්ධ සැකය පොලිසියට ඇති විය. පහරකෑමට ලත් ගුරුවරයා ම්‍ෙ වනවිය කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.