Jul
12
බ්‍රිතාන්‍යයේ නව අගමැති තෙරේසා
බ්‍රිතාන්‍යය අග්‍රාමාත්‍යය ඩ්‍ෙවිඩ් කැමරන් මහතා හෙට (13) සිය ධූරයෙන් ඉල්ලා අස්වන බව නිල වශයෙන් දැනුම් දී තිබ්‍ෙ.ඹහුගේ ඉවත්වීමත් සමග එම ග්‍රාමාත්‍යය ධූරය සදහා තෙරේසා මහත්මිය පත්වනු ඇති බව බ්‍රිතාන්‍යය මාධ්‍යය සදහන් කරයි.
නව අග්‍රාමාත්‍යය වරියගේ පත්වීම බ්‍රිතාන්‍ය දේශපාලන ඉතිහාසයේ දෙවන අග්‍රාමත්‍යවරිය ලෙස සදහන් වනු ඇත.
බ්‍රිතාන්‍ය ස්වදේශ කටයුතු ලේකම්වරිය ලෙස කටයුතු කරන තෙරේසා මේ සිය අනුප්‍රාප්තිකාව ලෙස හෙට දිනයේ අග්‍රාමාත්‍ය පදවියට පත් කෙරෙන බව අගමැති ඩේවිඩ් කැමරන් ප්‍රකාශ කළේ ය.
කොන්සර්වේටිව් පක්ෂ නායකත්වය සඳහා තෙරේසා මේ සමඟ තරඟ වැදි ඇයගේ එක ම ප්‍රතිවාදිනිය වූ ඇන්ඩ්‍රියා ලීඩ්සම් නායකත්ව පොරයෙන් ඉවත් වන බව නිවේදනය කිරීම ත් සමඟ තෙරේසා එක ම අපේක්ෂිකාව බවට පත් වූවාය.
ඇන්ඩ්‍රියා ලීඩ්සම් කොන්සර්වේටිව් පක්ෂයේ නායකත්ව සටනින් ඉවත් වූයේ, බ්‍රිතාන්‍ය යුරෝපා හවුලින් ඉවත් වීම තීන්දු කෙරුණ ජනමත විචාරණයෙන් අනතුරුව එම ක්‍රියාමාර්ගය පෙරට ගෙන යාම සඳහා හැකි ඉක්මනින් නව නායකයෙකු පත්කර ගැනීම රටේ ජාතික අභිලාසය බව පවසමිනි.
ස්වදේශ කටයුතු භාර ලේකම්වරිය කොන්සර්වේටිව් පක්ෂයේ නායිකාව හැටියට මේ වන විට පත් කරනු ලැබ ඇත.
කොන්සර්වේටිව් පක්ෂ නායකත්වය සඳහා ආරම්භයේදී අපේක්ෂකයන් සිව් දෙනකු ඉදිරිපත්ව සිටි අතර පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයෙන් සිදු කෙරුණ පළමු ඡන්ද විමසීමේදී ම වැඩි ම ඡන්ද සංඛ්‍යාවක් ප්‍රකාශ වුණේ තෙරේසා මේට ය.
බ්‍රිතාන්‍යය යුරෝපා හවුලින් ඉවත් වීම සම්බන්ධයෙන් පැවැත්වුණු ජනමත විචාරණයෙන් තමා නියෝජනය කළ යුරෝපා හවුල තුළ රැඳී සිටිය යුතු ය යන මතය පරාජය වීම ත් සමඟ අගමැති ඩේවිඩ් කැමරන් සිය ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත් කළේ ය.
මේ අතර විපක්ෂයේ ලේබර් පක්ෂ නායකත්වයෙන් ජෙරමි කෝබින් ඉවත් කිරීම සඳහා සටනට අවතීර්ණ වී සිටින ඇන්ජෙලා ඊගල් නිල මට්ටමින් සිය ඉල්ලීම ප්‍රකාශයට පත් කළා ය.
යම් හෙයකින් ඇය ලේබර් පක්ෂ නායකත්ව අරගලය ජය ගත්තොත් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකත්වයත් පළමු වරට කාන්තාවකට හිමි වනු ඇති.