Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Official Youtubue Account

Hot Gossip - Lanka WALPAL News

Sponsored Ads

Gossip - Lanka Latest

දැන් තිරගත වන ‘ද ලෙජන්ඩ් ඔෆ් ටාසන්’ චිත්‍රපටයේ ටාසන් ලෙස රඟන්නේ ඇලෙක්සැන්ඩර් ස්කාස්ගාඩ්. ඔහු සමඟ රඟන නිළිය මාගට් රොබී.

මේ චිත්‍රපටය යුරෝපීය රටවල ප්‍රදර්ශනය ආරම්භ කරමින් ලන්ඩන් නුවර සිනමා ශාලාවකදී මංගල දර්ශනය පැවැත්වුණා. එදා සිදු වූ එක්තරා සිදුවීමක් එහි සිටි කාටත් විනෝදයක් බවට පත්වුණු පුවතක් මේ.

චිත්‍රපටය තිරගත වීමට පෙර එම චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා, නළු නිළියන් ඇතුළු ශිල්පීන් රතු පලස මතින් සිනමා ශාලාවට පිය මනිමින් සිටියා. විසිහය හැවිරිදි මාගට් රොබීත් ඒ අතර ගමන් කළේ කාගේත් අවධානය දිනා ගනිමින්. මඳ දුරක් ඇවිද යද්දී ඇගේ සපත්තුවක පටියක් එහෙ – මෙහෙ වුණා. මාගට්, එක් වරම පහතට නැමී එය හදා ගන්න උත්සාහ කළා පමණයි. ඇය හැඳ සිටි දිගු ගවුමේ පිටුපස යම් හේතුවකින් විවර වුණා. මේ සුරූපිනිය වට පිට බලා එය හදා ගන්නට උත්සාහ කළත් සාර්ථක වුණේ නැහැ.

ඒ මොහොතේ ඇගේ පිහිටට ආවේ වෙනින් කවුරුවත් නොවේ. ‘ද ලෙජන්ඩ් ඔෆ් ටාසන්’ චිත්‍රපටයේ ටාසන් ලෙස රඟපෑ ඇලෙක්සැන්ඩර් ස්කාස්ගාඩ්. ඔහු, මාගට්ගේ පිටුපසින් පැමිණ ඇගේ ගවුමේ වැරැද්ද නිවැරැදි කළේ අවට සිටි විශාල පිරිස ඒ දෙස බලමින් සිනා සෙන අතරතුරදීයි. එහි සිටි කැමරා ශිල්පීන් ඒ මොහොතේ ‘වහාම ක්‍රියාත්මක’ වූ බව කියන්නම ඕනෙ ද?





අපගේ ගොසිප් පුවත් එසැණින් දැනගන්න
නිල ෆෙස්බුක් පිටුව ලයික් කරන්න

Gossip - Lanka Previous News

© 2013-2016 Gossip - Lanka News Email : info@gossip-lankanews.com
Advertising - Contact Here Editor - Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.

Gossip - Lanka OTHTHUKARU News

Gossip - Lanka PHOTO Gallery

Contact News EDITOR

Sponsored Ads