Jul
16
ලසන්ත ඝාතනයට බුද්ධි අංශ නිලධාරියා රදවා ප්‍රශ්ණ කරයි
මාධ්යයවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනයට සැකපිට අත්අඩංගුවට ගත් බුද්ධි අංශ නායකයා රදවාගෙන ප්‍රශ්ණ කිරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය අධිකරණ නියෝගයකින්
අවසර දී ඇත. මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ යුධ හමුදාවේ සාජන්ට් මේජර් වරයකෙ වෙයි.ඹහු යුධහමුදා බුද්ධි අංශ නිලධාරියෙකු ද වෙයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසන්නේ අද උදෑසන මෙම සාජන්ට් මේජර් වරයා පුකාශයක් ලබාදීමට පැමිණි අවස්ථාවේ මෙලෙස අත්අඩංගුවට පත්ව ඇති බවයි.
ආරංචි මාර්ග වලින් සදහන් කරන්නේ මෙම පුද්ගලයා පොලීසිය පසුගිය දින වල මාධ්‍යය වෙත ඉදිරිපත් කර තිබූ සැකකාර පුද්ගලයන් දෙදෙනාගෙන් එක් අයෙකු මොහු වන බවයි.
අත්අඩංගුවට පත් සාජන්ට් මේජර් වරයා ඉදිරි දින වලදී හදුනාගැනීමේ පෙරට්ටුවකටද ඉදිරිපත් කිරීමට නියමිතයි.