Aug
03
2019 අපේ‍්‍රල් 21 වැනිදා සහරාන් ප්රමුඛ ඉස්ලාමීය අන්තවාදී ත්‍රස්ත කල්ලිය බෝම්බ පුපුරුවා මහා විනාශයක් සිදු කරන අවස්ථාවේ හදිසි ත්‍රස්ත ප්‍රහාරයකදී ක්‍රියාත්මක වන විශේෂ අවි සහ ක්‍රමවේදවලින් සමන්විත බළකායක් (SWAT) මෙරට සූදානම් කර නොතිබුණි. ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ හිටපු ජනපති සිටියේ සිංගප්පූරුවෙයි. එම අවස්ථාව වනවිට රටේ ජාතික ආරක්ෂාව අරාජික තත්ත්වයකට පත්ව තිබුණි. රහස් පොලිසියේ ඉලක්කය වූයේ ජාතික තව්හිද් ජමාත් ත්‍රස්ත කල්ලිය නොව වත්මන් ජනපති හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ජනපති ධුරයට තරග කිරීම වැළැක්වීමේ මෙහෙයුමයි. ඒ සඳහා දීන දේශපාලකයන් පිරිසක් නිරතුරුවම රහස් පොලිසියට උපදෙස් දුන්නේය.