Jan 12

දිවි නොතකා, දිවි රැක දෙන්න කටයුතු කළ ගිලන් රථ රියැදුරු


කොරෝනා උවදුරින් පීඩා විඳි අපේ සහෝදර ජනතාව ඉන් මුදාගන්නට තම උපරිම ශක්තියෙන් සේවය කළ ගිලන් රථ රියැදුරු මහතකු ගැනයි මේ කතාව. දකුණු පළාතේ වැඩිම කොරෝනා රෝගීන් සංඛ්‍යාවක් ප්‍රතිකාර මධ්‍යස්ථානවලට ගෙන ගොස් ඇති උණවටුන දිසා රෝහලේ ගිලන් රථ රියැදුරු සුදේශ් වරුණ සාන්ත සුවවිරු ප්‍රණාම සම්මානයෙන් පිදුම් ලැබීය. ඔහුගේ සේවය අගයා පවුලේ අය සමග යාල සිනමන් බීච් සංචාරක හෝටලයේ දින දෙකක නිවාඩුවක් ගත කිරීමටද අවස්ථාව ලැබිණ.

පසුගිය මාස නමයක කාලය තුළ සුදේශ් විසින් ප්‍රතිකාර සඳහා රෝහල් වෙත ගෙන ගොස් ඇති ආසාදිතයන්ගේ සංඛ්‍යාව 365කට අධිකය. නිරෝධායන මධ්‍යස්ථානවලට ගෙන ගොස් ඇති සංඛ්‍යාව 1200කි.

තමාගේ අත්දැකීම් පිළිබඳව සුදේශ් මෙසේ විස්තර කළේය. “මගේ සේවා කාලය අවුරුදු හයයි. කොවිඩ් ආපු මුල් දවස්වල ඒක හැදුණම හොඳ වෙනවද මැරෙනවද කියල වැඩි දෙනෙක් දැනගෙන හිටියේ නැහැ. ඒ වගේ අවස්ථාවක තමයි මම ඉස්සර වෙලාම පළමු කොරෝනා රෝගියා මාර්තු 20 වැනිදා අයි.ඩී.එච්. රෝහලට ගෙන ගියේ. එදා ඉඳල ගතවූ මාස නවයට මම කිලෝමීටර් පනස් දහසකට වැඩිය දුවලා තියෙනවා. නිරෝධායන මධ්‍යස්ථානවලට එක් දහස් දෙසීයක් සහ කොරෝනා රෝගීන් තුන්සිය හැට පහක් ප්‍රතිකාර සඳහා රෝහල්වලට ගෙන ගොස් තිබෙනවා..

ගාල්ල නිරෝධායන මධ්‍යස්ථානවල සිට අයි.ඩී.එච්., වැලිකන්ද, කාතන්කුඩි, ඉරණවිල, මඩකලපුව, හම්බන්තොට සහ නෙවිල් ප්‍රනාන්දු යන රෝහල්වලට තමයි ඒ තුන්සිය හැටපස්දෙනා ගෙන ගියේ. සමහරදාට අයි.ඩී.එච්. රෝහලට ගිහින් ආපු හැටියෙම හම්බන්තොට යන්න කියනවා. මම ඒ ගමන්ම හම්බන්තොට යනවා. කිසි විටෙක මහන්සියි මට බැහැ කියලා නැහැ.’

දවසක් අයි ඩී. එච්. ගිහිල්ල ආපු හැටියේ පුංචි දරුවෙක් අරගෙන නෙවිල් ප්‍රනාන්දු රෝහලට යන්න කිව්වා. දරුවගේ ජීවිතය බේර ගන්න තියෙන්නේ විනාඩි කිහිපයක් විතරයි කියලත් කිව්වා. මම වහාම දරුවා අරගෙන ගියා. දරුවගේ අම්මයි තාත්තයි ඇතුළේ ඉඳගෙන ඒ අයගේ ආගම කියනවා මට ඇහෙනවා. මම අධිවේගි මාර්ගයේ විනාඩි තිස්පහට නෙවිල් ප්‍රනාන්දු රෝහලට ආවා. දරුවගේ ජීවිතය බේරගන්න පුළුවන් වුණා. දැන් හැමදාම උදේට දරුවාගේ තාත්තා මට කතා කරලා ඒ අයගේ ආගමේ හැටියට මට පිං දෙනවා.

කොරෝනා පළමු රැල්ලේ සිට මේ දක්වා මම කරපු සේවය අගයා සුවවිරු ප්‍රණාම සම්මානය ලැබුණා. ඒ වගේම දින දෙකක් පවුලේ අය සමග යාල හෝටලයක නිවාඩුවක් ගත කරන්නත් ලැබුණා.

‘ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ප්‍රියන්ත ජීවරත්න, වසංගත රෝග විද්‍යාඥ වෙනුර සිංගාරච්චි උණවටුන රෝහලේ වෛද්‍ය නිලධාරි සුන්දරමුදලිගේ මහත්වරුන් වගේම විශේෂයෙන් මගේ සහායක දිනේෂ් අපරැක්කද සිහිපත් කළ යුතුයි’.

ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ප්‍රියන්ත ජීවරත්න “සුදේශ් බය නැතිව වැඩ කළා. ආරක්ෂිත ඇඳුම් කට්ටලයක් ඇඳගෙන එක දිගට පැය ගණනක් වාහනයක් ධාවනය කිරීම පහසු නැහැ.නමුත් සුදේශ් එක දිගට පැය ගණන් ගිලන් රථයේ සිටියා. මාසයක් ඔහු ගෙදර ගියේ නැහැ. දවල්ද රෑද කියලා බලන්නේ නැහැ කියන තැනකට යනවා.

සමහර දවස්වල අධිවේගි මාර්ගයේ මුදල් අය කළේ නැහැ. සමහර දිනවල මුදල් අය කළා. ඒ අධිවේගි ගාස්තුවත් ඔහුගේ අතින් ගෙවලයි ගියේ. ඒවා ගෙවීමට අපට අරමුදලක් තිබුණේ නැහැ. ඔහු විශාල කැපවීමක් කළා. කොරෝනා රෝගින් සියයට අනූ පහක්ම ප්‍රවාහනය කළේ ඔහුයි.

ගැමුණු චන්ද්‍රලාල් – ගාල්ල
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.