Jan
22
මාකෙවිට ගෙයක් ඇතුළේ ම#$රණ දෙකක්
ගම්පහ පොලිස් වසමට අයත් මාකෙවිට උතුර ග්‍රාමසේවක වසමේ නිවසක කපාකොටා මියගොස් සිටි කාන්තාවකගේ හා නිවසේ සාලයේ බාල්කයක එල්ලී මියගොස් සිටි පිරිමි පුද්ගලයකුගේ මළ සිරුර ගම්පහ පොලිසියට ලද තොරතුරක් අනුව පොලිසිය විසින් සොයාගෙන තිබිණි.
මෙම සිද්ධිය 21 වැනිදා උදෑසන පොලිසියට වාර්තා වී තිබිණි. මෙසේ මියගොස් ඇත්තේ අඹු සැමි යුවළක් බව පොලිසිය හඳුනාගෙන ඇත. මෙලෙස හඳුනාගෙන තිබුණේ අංක 136 මාකෙවිට ජා-ඇල නිවසේ පදිංචිව සිටි සියඹලාපිටියගේ දොන් ෂෙල්ටන් ඇලෙක්සැන්ඩර් (60) හා පී. එල්. තුෂාරි ප්‍රියන්තිකා (50) නමැති එක් දරු යුවළක් බව පොලිසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරීක්ෂණය ඊයේ (21 දා) පැවැත්වීමට නියමතව තිබුණි. ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඉන්දික ද සිල්වා මහතාගේ අධීක්ෂණය යටතේ සහකාර පොලිස් අධිකාරි ගම්පහ 1 එච්. ඞී. එස්. තුසිත, ගම්පහ මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන් ජයසිංහ, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිරෝෂන් දිල්රුක් යන නිලධාරීහු වැඩිපුර පරීක්ෂණ පවත්වති.