Jan
23
අගමැති ආර්යා ශිරන්ති රාජපක්ෂගේ උපන්දිනයට නාමල් සුබ පතපු හැටි (Photos)
ශිරන්ති රාජපක්ෂ කියලා කියන්නේ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ආදරණීය බිරිඳයි.
එමෙන්ම නාමල්, යෝෂිත සහ රෝහිත යන අයගේ ආදරණීය මෑණියන් ද වනවා. ඉතිං ඇයගේ ජන්ම දිනය අදට යෙදි තිබෙනවා.
ඒ වෙනුවෙන් ක්‍රීඩා සහ තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ ඔහුගේ ෆේස්බුක් ගිණුමෙහි තබා තිබුණේ මෙවැනි සටහනක්...
අභියෝග, බාධක කම්කටොළු ළඟ නිති රැදෙමින් නිවැරදිව දිරිගන්වමින්, මට,යෝෂිත හා රෝහිත මල්ලීලා දෙන්නාට වගේම අපේ පවුලේ හැමෝගෙම සැමවිටම අයෝමය ශක්තිය ඔබයි අම්මා.අපේ ලෝකය සෑම අතින්ම ආලෝකමත් කරනවාට ඔබට ගොඩක් පින් අම්මේ.මාත් ලිමිණිත් පුතු කේසරත් , අම්මේ ඔබට නිරෝගි සම්පත්තිය පිරි වාසනාවන්ත සුබම සුබ උපන්දිනයක් ප්‍රාර්ථනා කරනවා !!!
Have a blessed birthday Ammi. You have been a constant guiding light to all of us. Rohitha Rajapaksa Yoshitha Rajapaksa & I have been truly blessed to have you in our lives! Have a blessed year & God bless! from Limini Kesara & myself !