Jan 15

විදුලි මීටරය හදලා දුන්නා නම් පුතාට මේ විපත වෙන්නේ නෑ - මියගිය ප්‍රදීප් රංජන්ගේ පියා


කෑගල්ල ඔලගන්කන්දේ පදිංචි 29 හැවිරිදී ප්‍රදීප් රංජන් කුමාරසිංහ පසුගිය 11 වැනිදා විදුලිසර වැදීමෙන් මිය ගියේය. ඔහු ජනවාරි 14 වැනිදා විවාහ දිවියට ඇතුළත් වීමට අපේක්ෂාවෙන් සියලු කටයුතු සූදානම් කරමින් සිටියේය.

කෑගල්ල වලගම්බා විද්‍යාලයේ මූලික අධ්‍යාපන ලබා අනතුරුව කෑගල්ල ස්වර්ණ ජයන්ති මහා විද්‍යාලයේ උසස් පෙළ හැදෑරූ ජයවර්ධන ප්‍රදීප් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපාධිධාරියකුද විය. මියයන විට ඔහු කොළඹ පෞද්ගලික ආයතනයක සේවයේ නියුතුව සිටියේය. දිවිමගේ යම් සාර්ථකත්වයක් ලැබුවද ඔහු සිය පාසල් අවධියේ හිත බැඳුණු පෙම්වතිය අත හැරියේ නැත. ප්‍රදීප් ජපුර සරසවියට ඇතුළත් වන විට ඇය කැලණිය සරසවියට ඇතුළත් වීමට සුදුසුකම් ලබා සිටියාය.

උසස් අධ්‍යාපනය නිම වී දෙදෙනාම උපාධිධාරීන් ලෙස සමාජයට පිවිසෙද් දී ඇය බුලත්කොහුපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පත්වීමක් ලබන අතර ප්‍රදීප් හෝමාගම පෞද්ගලික අංශයේ රැකියාවක් ලබන්නට වාසනාවන්ත විය.

ආදරය කෙමෙන් මෝරා වැඩෙද්දී දෙදෙනාගේ විවාහ මංගල්‍යය පවත්වන්නට දෙමාපියන්ද එක්වූයේ වසර ගණනක් දුර පැවැති ගිය ආදරයට අශිර්වාද කරමිනි.

පසුගිය නොවැම්බර් මාසයේ දෙපාර්ශ්වයේ අශීර්වාද මැද දෙදෙනා විවාහ ගිවිස ගත්තේ. ජනවාරි 14 වැනිදා පින්නවල උත්සව ශාලාවකදී විවාහ මංගල්‍ය පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කරගෙන තිබේ. නුවරඑළියේ දින දෙකක් ගතකර කෑගල්ලේ උත්සවශාලාවකදී දෙවන ගමන වරිගයේ නෑ මිතුරන් සමග සමරා උපන් නිවසට තම සදාදරණීය බිරිඳ ලෙස රැගෙන ඒමේ බලාපොරොත්තු පොදි බැඳගෙනය.

ජනවාරි 09 වෙනිදා සිකුරාදා ඉදිරි සති දෙකක් නිවාඩු ලබාගත් දෙදෙනා නිවාස වෙතට ගියේ දහසක් පැතුම් පොදි බැඳගෙනය.

ජනවාරි 10 වැනිදා ඔලගන්කන්දේ පන්සලට දානයක් දුන් ප්‍රදීප් 11 වැනිදා කෑගල්ල නගරයට පැමිණි තම අනාගත බිරිඳත් සමග ඇයට අවශ්‍ය දේ මිලට ගෙන ඇය තනියම නිවස වෙත නොයවා ත්‍රිරෝද රථයකින් බුලත්කොහුපිටිය නිවසට ඇරලවන්නටද කාරුණික විය. ඇගේ නිවසින් පිටවන මොහොතේ නළල සිප ප්‍රදීප් සමු ගනිද්දී ඒ ඔහුගේ අවසන් සිප ගැනීම යැයි ඇය සිහිනෙන් වත් නොසිතනට ඇත.

කෑගල්ලට පැමිණි ප්‍රදීප් මිතුරන්ගෙන් සමුගෙන නිවසට පැමිණියේ ඒ වන විටත් නෑදෑයන් නිවසට පැමිණ මඟුල් ගෙදරට අවශ්‍ය කටයුතු කරමින් සිටි බැවින් ඔවුන්ට සහායවීම සඳහාය.

නිවස පිටුපස ඉදිකර තිබු තාවකාලික මඩුව අඳුරු බැවින් විදුලි බල්බයක් සවිකර දෙන ලෙස වැඩිහිටියන් කළ ඉල්ලීම ඉටුකරන්නට ඔහු කටයුතු කළේය. නිවසේ තිබු බල්බයක් සහිත වයරයක් එළියට රැගෙන ආ ප්‍රදීප්ට එය මඩුවේ සවිකරන්නට උත්සහ දැරීමත් සමග බිම ඇදවැටුණි.

අම්මේ සුවිච් එක ඕප් කරන්න යැයි ඔහු පැවසුවේ සැලෙන හඬිනි. එය ඔහුගේ අවසන් වැකිය විය.

වහාම විදුලිය විසන්ධි කර ප්‍රදීප් රෝහල වෙත ගෙනයාමට නිවසේ සිටි කාන්තාවන් උත්සහා ගත්තත් ඔවුන්ට එය අසීරු කරුණක් වූයේ ඔහු දේහධාරි තරුණයකු නිසාය.

තාර පාරේ සිට ඔවුන්ගේ නිවෙසට දුර මීටර් 100 ක් පමණ වුණත් එම මාර්ගය අතිශයින්ම දුෂ්කර බැවින් මිතුරෝ ඔහුව කිලෝ මීටර් එකහමාරක් දුරින් පිහිටි කෑගල්ල මහ රෝහල වෙත ගෙන යන විට ප්‍රදීප් මෙලොව හැර ගොසින්‍ ය.

පශ්චාත් මරණ පරීක්ෂණයේදී විදුලි සැරවැදීමෙන් මරණය සිදුව ඇති බවට තහවුරු විය.

ඊයේ 14 මංගල ගමන් යන්නට පෙරුම් පුරමින් සිටි ප්‍රදීප් එදිනම තම මිතුරන්ගේ දෙවුර මතින් අවමංගල ගමන පිටත් වූයේ මුළු ගමක් හඬවමනි. බැලු බැලු හැම දෙනතකම කඳුළුය. හැම මුවකම සුසුම් වැල්ය.

‘‘මහත්තයෝ මගේ පුතාට වයස 29 යි. මම මේ ගේ හදලා අවුරුදු 30වෙනවා මේ ගෙදරට විදුලිය ගත්තා. විදුලිය මීටරය හරිගස්සල දෙන්න කියලා කීප වතාවක් කීවා කරලා දුන්නේ නෑ. මීටරය ගාව තියන කටවුට් එක ගැලෙව්වත් ගේ ඇතුළේ වයර්වල විදුලිය තියෙනවා. ගෙදරට විදුලිය දෙනකොට වයර් මාරු වෙලා සවිකර තියෙන්නේ. ඒක හැදුවා නම් මේ විනාසේ වෙන්නේ නෑ. සතියකට කලින් ගිහින් ලිඛිතව දුන්නා කොරෝනා නිසා ආරක්ෂක නිලධාරියා ලියුම ගන්නවා හරි යන්න කියනවා. ඒවට මොනවා වුණාද දන්නේ නෑ.

ඒක හදල දුන්නා නම් අතක් පයක් කැඩිල හරි මගේ පුතා ජීවත් වෙනවා. කරන්ට් එක වැදිල පලලෙහාට ගෙනියන්න පැයක් විතර ගියා. මොකද ගල දිගේ ගෙනියන්න බෑ රෝහලට කිලෝ මීටර් එක හමාරක් දුරයි. මේ නිවාසවලට එන පාර හදාගන්න හැමෝටම කීව. ඒත් වැඩක් වුණේ නෑ.

එදා යූ එන් පී ආණ්ඩුව පාර ඉල්ලනකොට කීවා පවුල් 5 මේ පාරේ ඉන්නේ” ඒක නිසා බෑ කීවා. ඊට පස්සේ ආපු ආණ්ඩුවල අය කීවා ඔතන ඉන්නේ යූ.එන්.පී කාරයෝ ඒක නිසා බෑ කීවා.

මළ ගෙදරටවත් කාටවත් එන්න බැරි නිසා ගමේ ඉන්න තරුණ ළමයි එකතු වෙලා ගල උඩ පුවක් කොට තුනක් දමල ඊට උඩින් ලෑලි ගහල පඩි කිපයක් හැදුවා. එහෙම නැත්නම් මළගෙදරට එන අය එක්ක යන්න ගිලන් රථයක් ගෙනත් තියන්න වෙනවා යැයි පැවසීය.

සාලිය ගමසිංහආරච්චි – කෑගල්ල
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.