Jan 02

පොලිසියේ අසූදහසෙන් 44000ක්ම ප්‍රභූ ආරක්ෂාවේ


විනිශ්චයකාරවරුන්, මැති ඇමැතිවරුන් හා හිටපු ඇමැතිවරුන්ගේ ආරක්ෂාවට පමණක් යොදවා සිටින පොලිසියේ හතළිස් හතරදහසක් යළි පොලිස් සේවයට ගැනීමේ ක්‍රමවේදයක් පිළිබඳව අධ්‍යයනය කරමින් සිටින බව මහජන ආරක්ෂක ඇමැති විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර පැවසීය.

පොලිස් දෙපාර්තමේන්තුව සතු අසූදහසක පිරිසෙන් සාමාන්‍ය සේවයේ යොදවා සිටින්නේ තිස්හයදහසක් පමණ බවද හෙතෙම පෙන්වා දුන්නේය.

මෙම තත්ත්වය මත පොලිසිවල රාජකාරි මෙන්ම රථ වාහන රාජකාරි කරගෙන යෑම පවා අසීරු වී තිබේ. මෙසේ වෙනත් සේවාවලට යෙදවූ පිරිස් යළි පොලිස් සේවයට කැඳවා ඒ වෙනුවට සිවිල් ආරක්ෂක බළකායේ පුහුණුව ලත් කණ්ඩායම් එම ස්ථානවලට යෙදවීමට සාකච්ඡා කරගෙන යන බව මහජන ආරක්ෂක ඇමැතිවරයා සඳහන් කළේය.

තිස්ස රවින්ද්‍ර පෙරේරා, උදයජීව ඒකනායක
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.