Jan 18

අවුරුදු පහකට පස්සේ පුංචි තිරයට එන දොස්තර නෝනා


ජීවිතය ලස්සනයි ටෙලි නාට්‍යයේ ‘සුදු නංගි’ චරිතය රඟපාමින් ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයට එක්වුණු අයෝමි ශානිකා අදටත් ජනප්‍රිය ‘සුදු නංගි’ ලෙසින්මයි.

මේ වෙද්දී අයෝමි ආයුර්වේද වෛද්‍යවරියක්. ඒ වගේම දෙදරු මවක්. අයෝමි මේ වෙද්දි ජීවත්වෙන්නේ නුවර. රජයේ ආයුර්වේද වෛද්‍යවරියක් විදිහට සේවය කරන අතරම ඇය සිය නිවසේ පෙෘද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක් පවත්වාගෙන යනවා. කලා නිර්මාණවලින් ඈත්ව හිටිය අයෝමි ළඟදීම නැවත පුංචි තිරයේ දැක ගන්නට ලැබෙනවා. ඒ ජනවාරි 17 සිට ජාතික රූපවාහිනියේ සෙනසුරාදා ඉරිදා රාත්‍රි 9ට විකාශය වන රෑනගල වලව්ව තුළින්. මේ සියල්ල ගැන අපි අයෝමි එක්ක කතා කළා. මම නාට්‍යයකට සම්බන්ධ වෙන්නේ වසර 5 කට පසුව. ඒ නිර්මාණය තමා රෑනගල වලව්ව. එහි තව රූ ගත කිරීම් පවා තියෙනවා. ඊට අමතරව තව නාට්‍යය දෙකක වැඩ කටයුතු පටන් ගන්න තියෙනවා.

ඒ හැරුණම මම ආයුර්වේද වෛද්‍යවරියක් විදිහට රජයේ සහ මගේ ගෙදර වැඩ කටයුතු කරනවා. ගොඩක්ම මම ප්‍රතිකාර කරන්නේ මඳසරු භාවයට, ආයුර්වේද පැත්තෙන් රුපලාවණ්‍ය දේවල් චර්ම රෝග, ස්ථුලභාවය, දියවැඩියාව, කොලෙස්ට්‍රෝල් සහ ශ්වසන රෝග සම්බන්ධව. මේ දේවල් එක්ක කාලය තියෙන විදියට රුපවාහිනී වැඩසටහන්වලට සම්බන්ධ වෙනවා.

කලාවෙන් ඈත් වෙන්න ප්‍රධාන හේතුව වුණේ දරුවන් වෙනුවෙන් කාලය යොදවන්න ඕනේ වුණා. මගේ පදිංචිය නුවර නිසා නිතර කොළඹ එන්න යන්න අපහසුයි. ඒ එක්කම මම 2018 ඉඳන් රාජ්‍ය සේවයට එකතු වුණා. ඉතින් නිවාඩු ප්‍රශ්නත් තියෙනවා. මේ සියල්ල නිසා කලාවෙන් යම් විරාමයක් ගත්තා. ඒ කාලය තුළ ගොඩක් හොඳ නිර්මාණ මග හැරුණ. ඒ කොහොම වෙතත් ගත්ත විරාමය ගැන කවදාවත් පසු තැවෙන්නේ නැහැ. මොකද දරුවන්ට අම්මාගේ ආදරය සෙනහස රැකවරණය ඕනෙම කාලේ මට ඒ අයගෙන් ඈත් වෙන්න හිතුණෙම නැහැ. දැන් ඒ අයට ටිකක් දැනුම් තේරුම් තියෙනවා. 

නිර්මාණවලට දායක වෙන්නේ නම් තෝරා බේරාගෙන. නුවර අවට රූ ගත කිරීම් තියෙන නිර්මාණයක් නම් මට වඩාත් පහසුවක් තියෙන නිසා ඒ ගැනත් හිතලා බලනවා. කියන්න හරි සතුටුයි. තවමත් සුදු නංගි කියලා මට කතා කරන මාව කොහේ දැක්කත් ආ මේ සුදු නංගිනේ කියලා හඳුනා ගන්න පිරිසක් ඉන්නවා. ඉතින් ඒ චරිතය මම කරලා දැන් අවුරුදු 12ක් විතර වෙනවා. නමුත් චරිතයක් තුළින් මෙතරම් කාලයක් මිනිසුන්ගේ මතකයේ තිබීම ගැන හරි විශේෂිතයි. ඒකට මම හරි ආදරෙයි ගරු කරනවා. මම ඒ චරිතය භාර ගන්නේ මට ඉන්දියාවට ගිහින් ඉගෙන ගන්න රජයෙන් ලැබුණු විදෙස් ශිෂ්‍යත්වය පවා මග හැරගෙන. ඒ කාලේ නම් ගොඩක් අය දොස් කිව්වා. අපරාධයක් කර ගන්නේ කියලා. නමුත් මා කෙරෙහි ඒ නාට්‍යයේ අධ්‍යක්ෂ රවින්ද්‍ර විජේරත්න මහතා ලොකු විශ්වාසයක් තියලා තිබ්බා සුදු නංගිට හරියන්නේ අයෝමිම තමා කියලා. ඒ විශ්වාසයත් එක්ක මටත් මේ නාට්‍යය මගහැර ගන්න බැරිකමක් තිබ්බා. ඒ නිසා තමා ඉන්දියාවේ යන එක අමතක කරලා නාට්‍යයට සම්බන්ධ වුණේ. මම තීරණ ගන්නේ හැම තැනකදීම හොඳටම හිතලා. ඒ නිසා මම ගත්ත තීරණ කිසිවක් ගැන පසු තැවීමක් නැහැ.

මගේ ජීවිතේ හැරවුම් ලක්ෂය වෙන්නේ ශිෂ්‍යත්ව විභාගය. මම විභාගයෙන් ලංකාවෙන් වැඩිම ලකුණු ගත් 100 දෙනා අතරට ආවම. ඒ නිසා ආනන්ද කුමාර කියන මගේ මාම කෙනෙක් හරහා මට ජාතික රූපවාහිනියට යන්න අවස්ථාව ලැබෙනවා. මට මතකයි එදා කුමාරි පෙරේරා මහත්මිය මාව නිව්ස් පුටුවේ වාඩි කරවනවා. එදා තමා මට හිතුණේ කවදා හරි රූපවාහිනියේ පෙනෙන චරිතයක් වෙනවා කියලා. ජීවිතය ලස්සනයි කණ්ඩායම අදටත් හම්බෙනවා. මම දුර හිටියත් ඇමතුමක් හරි දෙනවා. රෑනගල වලව්ව අධ්‍යක්ෂණය සහ කැමරාකරණය කරන්නේ ජීවිතය ලස්සනයි එකේ කැමරා කරපු චන්දන ධර්මප්‍රිය. ඒ බැඳීම නම් වෙනස් වෙලා නැහැ. නෑයෝ ටිකක් බලන්න යනවා වගේ තමා හැඟෙන්නේ.

මම හිතනවා රෑනගල වලව්වත් තවත් එක් ටෙලි නිර්මාණයක් පමණක් නොවී වෙනසක් ඇති කරන හොඳ නිර්මාණයක් වෙයි කියලා. කලාව කියන දේ මගේ ලේ නහර තුළ තියෙන දෙයක්. ඒ නිසා කවදාවත් මම කලාවෙන් ඈත් වෙන්නේ නැහැ. මගෙන් ඇහුවොත් දරුවෝ දෙන්නගෙන් වැඩියෙන් කාටද ආදරේ කියලා මට උත්තරයක් නැහැ වගේ තමා කලාව සහ වෛද්‍යය වෘත්තීය කියන්නේ.

මේ වසරේ කියලා විශේෂ බලාපොරොත්තු නැහැ. මිට වසර 5කට කලින් මම පශ්චාත් උපාධියක් සම්පුර්ණ කළා. මේ වසරේ තව උපාධියක් පටන් ගන්න සුදානමක් තියෙනවා. මම කියන්නේ අපිට පුළුවන් කාලේ මතක ශක්තිය තියෙන කාලේ පුළුවන් හැමදේම කරන්න ඕනේ.

අනූෂා රණසිංහ
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.