Dec 15

වාහන අංක තහඩුවෙන් පළාත හැලේ


වාහන අංක තහඩුවෙන් පළාත් අක්ෂරය ඉවත් කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශය තීරණය කර ඇත.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සංඛ්‍යාලේඛන දත්ත අනුව මෝටර් වාහන පළමු ලියාපදිංචියටද වඩා වාහන හිමිකම් පැවැරීම ඉහළ අගයක් ගන්නා බැවින් ගැටලු රැසක් මතුව තිබේ. වාහන හිමිකම් පැවැරීම දිවයිනේ විවිධ පළාත් අතර සිදුවන සෑම අවස්ථාවකදීම අංක තහඩු නැවත නැවත මුද්‍රණය කිරීමටද සිදුව ඇත.

පැරණි අංක තහඩු නැවත භාර ගැනීමේ ක්‍රමවේදය මගින් ගබඩා කිරීම, ප්‍රවාහනය කිරීම වැනි ගැටලු මතුව ඇති අතර වාර්ෂිකව පැරණි අංක තහඩු රැසක් විනාශ කිරීමටද දෙපාර්තමේන්තුවට සිදුව තිබේ. නිරන්තරයෙන් අංක තහඩු මුද්‍රණය කිරීම හේතුවෙන් ඇලුමිනියම් පරිසරයට මුදාහැරෙන නිසා පරිසර හානියක්ද සිදුවන බව ප්‍රවාහන අමාත්‍යාංශය පෙන්වා දෙයි.

වාහන අංක තහඩුවට පළාත් අක්ෂර එක් කිරීම වාහනය අයත් පළාත පහසුවෙන් හඳුනා ගැනීම ඉලක්ක කරගත්තකි. එමගින් වාහන දුම් පරීක්ෂාවේදී මෙන්ම වාර්ෂික ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේදී පහසුවක්ද ඇතිවන බව ප්‍රවාහන අමාත්‍යාංශය පවසයි. පළාත් අක්ෂරය නොමැතිව අංක තහඩු නිකුත් කිරීමේ නව ක්‍රමවේදයක් සකස් කිරීමට ඇමැති මණ්ඩල අනුමැතිය ලබා ගැනීමටද අමාත්‍යාංශය සූදානම් වෙයි.

උදයජීව ඒකනායක
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.