Dec
30
දැරියන්ගේ වයස 14යි, 15යි - කොළඹින් මෙහෙය වූ, මාතර ළමා ගණිකා ජාවාරම
සමාජය තුළ දරුවන්ට නිසි රැකවරණයක් අවශ්‍ය බව සැවොම පිළිගන්නා ධර්මතාවයක්. මේ කතාව එය යළි යළිත් තහවුරු කරනවා.
තම දරුවන්ට නිසි රැකවරණය සැලසීම දෙමාපියන්ගේ වගකීමක් වන අතර, එම වගකීම පැහැර හරින අතලොස්සක පිරිසක් මේ රටේ නැතිවාම නොවේ.
වයස අවුරුදු 14 ක සහ 15 ක දැරියන් දෙදෙනෙකුගේ ජිවිත මෙලෙස විනාශ වන්නේ දෙමව්පියන් මෙන්ම සමාජය ද ඔවුන්ට රැකවරණය ලබාදීමේ වගකීම පැහැර හැරීම හේතුවෙන්.
ජීවත් වන්නට මුදල් නොමැති නිසා ඒ පිළිබඳ තවත් කාන්තාවකට වැඩිමහල් දැරිය පවසා ඇති අතර, ඇය රැකියාවක් ලබාදෙන මුවාවෙන් මෙම දැරියන් දෙදෙනා ගණිකා වෘත්තීයේ යෙදවීමට පියවර ගන්නවා.
මේ වනවිට 25 හැවිරිදි අදාළ කාන්තාව අත්අඩංගුවට ගෙන අවසන්.
මෙම දැරියන්ගේ ජිවිත අනතුරේ හෙලූ ඇය ද එක්දරු මවක් වීම පුදුමයට කරුණක්.
දැරියන් දෙදෙනා ජාවාරමේ යෙදවූ ත්‍රිරෝද රථ රියදුරන් දෙදෙනෙකු ද මාතර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යාංශය ඊයේ අත්අඩංගුවට ගත්තා.
එසේම, දැරියන් මෙම ජාවාරමේ යෙදවූ පඹුරන ප්‍රදේශයේ හෝටල් හිමිකරුවෙකු ද අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු ව්‍යාජ වයස් ඇතුළත් කරමින් දැරියකට හැඳුනුම්පතක් ද සකස් කර තිබූ බව පොලිසිය ප්‍රකාශ කළා.
ජාවාරම මෙහෙයවන කොළඹ කාන්තාවක් සොයා මාතර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යාංශය විමර්ශන ක්‍රියාත්මක කරනවා.
දැරියන් දෙදෙනා මේ වනවිට රෝහල් ගත කර තිබෙනවා.
අත්අඩංගුවට සැකකරුවන් 4 දෙනා මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ජනවාරි 11 වනදා දක්වා අද රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.