Dec 06

මීට පෙර එයා එක්ක මගේ සම්බන්ධයක් තිබුණත් දැන් අපි යාළුවෝ විතරයි


පිය උරුමයෙන් ලද ගායන හැකියාව සමඟ කලා ක්ෂේත්‍රයට අවතීර්ණ වූ ඔහු අද වන විට දක්ෂ, ජනප්‍රිය රංගනය ශිල්පියෙක් හා ගායන ශිල්පියෙක් වශයෙන් රසිකයන් හදවත් දිනාගෙන සිටිනවා. හිරුටීවී ඔස්සෙ විකාශය වන අහස් මාළිඟා ටෙලි නිර්මාණයේ සංදේශ් විදිහටත් ඔහු අපූරු රංගනයක නියැලෙනවා.

මෑත කාලය තුළ “ඔබ වෙනුවෙන්” ගීතයත් සමඟ සමාජ මාධ්‍ය ජාලා තුළ වැඩි වශයෙන් කතා බහට ලක් වූ ගයාන් ගුණවර්ධන ගැනයි මේ..

කොහොමද ගයාන් ඉතින්?
හොදයි. වරදක් නැහැ. මේ දවස්වල නම් ටිකක් කාර්යබහුලයි.

මේ දවස්වල මොනවාද අලුත් විස්තර?
මීට ටික දවසකට කලින් “ඔබ වෙනුවෙන්” කියන මගේ අලුත්ම ගීතය නිකුත් කළා. එම ගීතය මේ වන විට Views මිලියනය පහු කරලා තියෙනවා. ඒ වගේම Music Chart Show වල සහ Youtube එකේ මගේ ගීතය පළමු තැනට පත්වෙලා තියෙනවා. ඊට අමතරව මගේ තවත් අලුත් ගීතයක් මේ දෙසැම්බර් මාසයේදී එළිදක්වන්න සූදානමින් ඉන්නවා.

ඔබ මේ දවස්වල එකිනෙකට වෙනස් ටෙලි නිර්මාණ වලට සම්බන්ධ වෙලා ඉන්නවා නේද?
ඔව්. හිරු ටීවී එකේ “අහස් මාලිගා” කියන ටෙලි නාට්‍යයෙ ප්‍රධාන චරිතයට සම්බන්ධ වෙලා ඉන්නවා.

එම චරිත ගැන කෙටියෙන් සඳහන් කළොත්?
අහස් මාලිගා ටෙලි නාට්‍යයේ මම කරන්නෙ සන්දේශ් කියන චරිතය. ඒක ගීත ගායනා කරන්න දක්ෂ, මවුපියන් වෙනුවෙන් මුදල් උපයන, හරිම අහිංසක චරිතයක්.

ඔබ අලුත් වැඩක් පටන් ගත්තා නේද?
ඔව්. නුගා TV කියන මගේ අලුත්ම Youtube channel එක හරහා අලුත් වැඩක් පටන් ගත්තා. එය මේ දෙසැම්බර් මාසයේ සිට සෑම සිකුරාදා දිනකදීම විකාශය වනවා. සංගීත කණ්ඩායම්, නිවේදන ශිල්පීන්, ගායන ශිල්පීන් යන සියල්ලන්ම සම්බන්ධ කරගෙන “ඩිජිටල් සංගීත ප්‍රසංග මාලාවක්” විදියට පවත්වන්න තමයි සැලසුම් කරලා තියෙන්නෙ. ඊට අමතරව Gayan Gunawardhane කියන මගෙ සුපුරුදු Youtube channel එකෙහි වැඩ කටයුතුත් කරගෙන යනවා.

කොරෝනා කාලය තුළදී කාලය ගත වුණේ කොහොමද?
ඇත්තටම කොරෝනා පළමු රැල්ල ආව කාලෙ මාස දෙක තුනක් ගෙදරට වෙලා හිටියා. ඒ කාලය තුළ මං මගේ “ගයාන් ගුණවර්ධන” කියන Youtube channel එකේ අලුත් ගීත නිර්මාණයන්, නව අත්හදා බැලීම් වැනි අලුත් වැඩ කටයුතු රාශියක් සිදු කළා. ඊට අමතරව මගේම ගීත 8ක් ඇතුළත් “ඉසබෙලා” කියන මගෙ පළමුවැනි ඇල්බම් එක Google Store, Play Store ආදිය හරහා නිකුත් කළා.

ඔබ වෙනුවෙන් ගීතය ඉතාම ජනප්‍රිය වුණා නේද?
ඔව්. එයට ඉතා විශාල රසික ප්‍රතිචාරයක් හිමි වුණා. ලංකාවෙ Chart Showවල පවා අංක එකට පත්වෙන්න පුළුවන් වුණා.

එහි රූප රචනය සඳහා සම්බන්ධ වූ පූජනි සමඟ ඔබ විවාහ වුණා කියන කතාව ඇත්තද?
ඇත්තටම මෙහෙමයි. මම සහ පූජනි එක්ව Bridal Shoot කිහිපයක්ම කළා. එහෙම කළ Bridal Shoot එකක් සහ homecoming shoot එකක ෆොටෝස් නිකුත් වුණෙත් මගෙ අලුත් ගීතය නිකුත් වුණ කාලය තුළමයි. ඒකත් එක්ක ගොඩක් අය හිතුවා මම විවාහ වෙලා කියලා. ඇත්තටම එහෙම දෙයක් නැහැ. මමයි පූජනියි කියන්නෙ හොඳම යාළුවෝ. ඒ හැර වෙන දෙයක් නැහැ. එය තවත් එක් Photo Shoot එකක් විතරයි.

ඒ වගේම කාවින්ද්‍යා සහ ඔබ අතරත් විවාහ ගිවිස ගැනීමක් සිදු වුණා කියලා ආරංචි වුණා. ඒ ගැන ඔබට මොනවාද කියන්න තිබෙන්නෙ?
මෙහෙමයි මමයි කාවින්ද්‍යායි කියන්නෙත් හොදම යාළුවො දෙන්නෙක් විතරයි. මීට පෙර කවී සමඟ මගේ සම්බන්ධයක් තිබුණත් දැන් අපි අතර වෙන කිසිම සම්බන්ධයක් නැහැ

ඒ කියන්නෙ ඔබට දැන්ම විවාහ වෙන්න අදහසක් නැද්ද?
ඇත්තටම මම දැනට තනිකඩයි. මේ මොහොතේ මම මගේ සංගීත වැඩකටයුතුවලට සහ මගේ ඉදිරි අනාගත අරමුණු වෙනුවෙන් පමණයි කාලය යොදවලා තියෙන්නෙ.

ඔබ විවාහ වීමට තරුණියක් තෝරා ගන්නවා නම් ඇය සතු විය යුතු ගුණාංගයන් මොනවාද?
මට ආදරේ කරන, මට උදවු උපකාර කරන සහ මගේ මවුපියන් හොඳින් බලාකියා ගන්නා කෙනෙක්ව තමයි මම විවාහ වීමට තෝරා ගත යුත්තේ. නැතිව වෙන අයට ඕන කෙනෙක්ව මට විවාහ කරගන්න අවශ්‍ය නැහැ.

ඔබගේ පියා කලා ක්ෂේත්‍රයෙහි සිටින ප්‍රවීණ කලාකරුවෙක්. පියා ගැනත් මතක් කරමු?
ඔව්. මගේ පියා නුවන් ගුණවර්ධන. කොරෝනා ගැටලුවත් සමඟ මේ දිනවල සංගීත ප්‍රසංග පැවැත්වෙන්නේ නැහැනේ. ඒ නිසා ඔහු ඇතුළු කලාකරුවන් සියලුම දෙනාට වැඩ නැහැ. ඉතින් ඔහු මේ දිනවල ගෙදරට වෙලා තමයි ඉන්නෙ.

අවසාන වශයෙන් ඔබට යමක් කියන්න තියනවාද?
මේ මොහොතේ අසරණ වෙලා ඉන්න එවැනි කලාකරුවන් වෙනුවෙන් යමක් කරනවා නම් ඉතාම වටිනවා. ඇත්තටම අපේ රටේ මේ වගේ අසරණ වෙලා ඉන්න කලාකරුවන් රාශියක් ඉන්නවා. එවැනි කලාකරුවන් මියගිය පසු ඔවුන් වෙනුවෙන් නම්බුනාම, ගරුනාම ලබා දීලා වැඩක් නැහැ. ඔවුන් ජීවත් වෙන කාලයේදී තමයි ඔවුන් වෙනුවෙන් යම් දෙයක් කළ යුත්තේ. ඒ නිසා රජය හෝ වෙනයම් ආයතනයක මැදිහත් වීමෙන් ඔවුන් වෙනුවෙන් යමක් කරන්න කියලා තමයි ඉල්ලන්නේ.

දිනූෂා මනෝරි නිශ්ශංක
'මව්බිම' පුවත්පතේ 'හදගැස්ම' අතිරේකයෙන්..
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.