Dec
09
හිමි නමකගේ මෘත ශරීරයක් හමුවෙයි
රත්ගම කටුදම්පේ පොල්ගස්දූව ආරණ්‍ය සේනාසනයේ භාවනායෝගීව සිටි බව පැවසෙන විදෙස් රටක හිමි නමකගේ මෘත ශරීරයක් රත්ගම කලපුවේ පාවෙමින් තිබියදී සොයාගෙන තිබේ. ඊයේ (08) දින සොයාගත් බව රත්ගම පොලීසිය සඳහන් කරනවා.
මෙසේ සොයාගන ඇත්තේ නෙදර්ලන්තයේ ජිනවංශ නමැති වයස අවුරුදු 60ක හිමි නමකගේ දේහයක් බව වාර්තා වනවා.
ආරණ්‍ය සේනාසනයේ විසු එම හිමිනම දින කිහිපයක සිට අතුරුදහන් ව සිට ඇති අතර පසුව කළ සොයාබැලීම් වලදී රත්ගම කලපුවේ තිබී සිරුර සොයාගෙන තිබේ.
හිමිනම මියයාම සම්බන්ධයෙන් ඝාතනය කොට කලපුවට දැමූවේදැයි යන්න සොයා බැලීමට පරීක්ෂණ ආරම්භ කර තිබෙන බව පොලීසිය සඳහන් කරනවා.