Dec
07
කැලණිය, සපුගස්කන්ද ප්‍රදේශයේ විහාරස්ථානයකට දානය පිරිනැමූ අයෙක් කොවිඩ් ආසදිතයෙක් ලෙස හඳුනාගෙන ඇති අතර විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේ ඇතුළු පිරිසක් නිරෝධායනයට යොමු කර තිබෙනවා.
ඉකුත් 29 වැනිදා පෝය දිනයේදී අදාළ විහාරස්ථානයට දානය රැගෙන ගොස් ඇති අතර දානය පිළියෙල කර ඇත්තේ එම නිවසේදී යි.එසේම එදින පිරිසක් ආගමික වතාවත්වලට සම්බන්ධව තිබෙන බවද වාර්තා වී ඇත.
එම පුද්ගලයා දෙවැනිවරටත් PCR පරීක්ෂණයක් සිදුකිරීම සඳහා ස්වයං නිරෝධායනයට යොමුකර සිටි අයෙකු බව මාකොළ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එස්. පෙරේරා මහතා සඳහන් පවසනවා.