Dec
04
බැසිල් හදිසියේ පාර්ලිමේන්තු එනවද ? නැද්ද ?
තමන්ට හදිසියේ පාර්ලිමේන්තුවට පැමිණීමට කිසිදු අදහස් නොමැති බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසා ඇතැයි වාර්තා වනවා.
ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මන්තී‍්‍රවරුන් පිරිසක් සමග ඊයේ පැවති සාකච්ජාවකදී ද බැසිල් රාජපක්ෂ හිටපු අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට පැමිණීම පිළිබද සාකච්ඡා වී ඇති බවයි වාර්තා වන්නේ.
මෙම සාකච්ජාවට එක් එක් දිස්ති‍්‍රක්කය නියෝජනය කරමින් මන්තී‍්‍රවරුන් 24 දෙනෙකු සහභාගි වී සිටියා.
එහිදී පාර්ලිමේන්තු මන්තී‍්‍ර ජගත් කුමාර විසින් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ පාර්ලිමේන්තුවට පැමිණීම සම්බන්ධයෙන් සකස් කළ ලිපිය පිළිබද අදහස් පළ කර තිබෙනවා.
එහිදී ජනාධිපතිවරයා ද පවසා ඇත්තේ තමා පෙරේදා දිනයේද පාර්ලිමේන්තුවට පැමිණෙන ලෙස හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට යෝජනා කළ බවයි.
එහෙත් තමාට හදිසියේ පාර්ලිමේන්තුවට පැමිණීමේ අවශ්‍යතාවක් නොමැති බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ තමාට පැවසුවේ යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම මන්තී‍්‍රවරුන් හමුවේ ප්‍රකාශ කර ඇති බවයි වාර්තා වන්නේ.