Dec 28

ජනාධිපති දුන් බීජ යැයි කියා හූනියම් කරපු කුප්පි වළ දාපු කත මාට්ටු


සෞභාග්‍යයේ දැක්ම යටතේ ජනාධිපතිවරයා විසින් රෝපණය කිරීමට ඇට වර්ගයක් ලබා දුන්නැයි පවසමින් හූනියම් කරන ලද බෝතල් කුප්පි හා ඔතන ලද ගුළි අසල්වැසි නිවසේ වළ දැමූ කාන්තාවක් පිලිබඳ සිද්ධියක් ගම්පොළ ප්‍රදේශයෙන් වාර්තා වේ.

අසල්වැසි ඉඩම් හිමිකාරිය විසින් වළ දැමූ ඇට වර්ගයක් පිළිබඳව සැක සිතූ ඉඩමේ අයිතිකාරිය එම වළ දමා තිබූ ඇට වර්ගය පරීක්ෂා කිරීමේදී ඒ සියල්ල හූනියම් කරන ලද බෝතල් කුප්පි හා ඔතන ලද ගුළි බව දැන ගම්පොළ පොලිසිය වෙත පැමිණිලි කර ඇත.

ගුප්ත ශාස්ත්‍රය අනුව එසේ මන්ත්‍ර කර වළ දමා තිබූ බෝතල් කුප්පි 16ක් හා නූල් වර්ග ඔතන ලද ගුළි 16ක් ගොඩගත් බවත් මතුරන ලද පුහුල් ගෙඩියක් ද සොයා ගත් බව පැමිණිල්ලේ සඳහන් වෙයි.

අදාළ සිද්ධියට චෝදනා ලැබූ කාන්තාව අල්ලපු ඉඩමේ හිමිකාරිය සමග දීර්ඝ කාලයක් ආරවුලක් ඇති කර ගෙන ඇත්තේ එම ඉඩම තමාට හිමි බව පවසමිනි.

මෙම තැනැත්තියට ඒ සඳහා හිමිකම් කීමට කිසිදු ලියවිල්ලක් නොමැති අතර, මේ සම්බන්ධයෙන් අදාළ ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් පවා එම ගැටලුව නිරාකරණය කරදී ඇති බව පොලිස් පරීක්ෂණවලින් හෙළිවී ඇත.

මෙම කාන්තාව සමග පිරිමි දෙදෙනකු ඒවා වළලමින් සිටියදී ඒ පිළිබඳව සැක සිතූ ඉඩම් හිමිකාරිය ඒ පිළිබඳව විමසීමේදී පවසා ඇත්තේ තමා රජයේ සුවිශේෂ නිලයක් දරන කාන්තාවක් බැවින් ජනාධිපතිවරයා තමන්ට ලබා දුන් ඇට වර්ගයක් මෙසේ පැළ කරන බවයි.

ඒ පිළිබඳව සැක සිතූ ඉඩම් හිමිකාරිය ඒවා ගොඩ ගැනීමට ඔවුන් ඉදිරියේම ක්‍රියා කිරීමේදී ජීවම් කරන ලද බෝතල් කුප්පි හමුවී ඇති අතර එහිදී මන්ත්‍රකරුවන් දෙදෙනා ඇතුළු චෝදනාලත් තැනැත්තිය පැන ගොස් ඇති බව පැමිණිල්ලේ සඳහන් වේ.

සිද්ධිය පිළිබඳව වැඩිදුර විමර්ශනයක් ගම්පොළ පොලිසිය අරඹා ඇත.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.