Dec 24

කොරෝනාවට බයෙන් කාන්තාවක් සිරුරට ගිනි තබා ගනී


තමන්ට කොරෝනා වෛරසය ආසාදනය වේ යැයි බියෙන් කාන්තාවක් සිරුරට ගිනි තබාගෙන සියදිවි හානිකර ගෙන ඇති පුවතක් වත්තල ප්‍රදේශයෙන් වාර්තා වෙයි.

වත්තල හුණුපිටිය වෙඩිකන්ද ප්‍රදෙශයේ පදිංචි 73 හැවිරිදි වියේ පසුවූ පස්දරු මවක් මෙලෙස සියදිවි හානිකරගෙන ඇති බව වාර්තා වේ.

අදාළ කාන්තාව තමන්ට කොරෝනා වැළඳීමෙන් අනතුරුව තම දරුවන්ටද වෛරසය ආසාදනය විය හැකිබව පවසමින් මෙලෙස සියදිවි හානිකරගෙන ඇති බව ඇයගේ පුත්‍රයා සඳහන් කරයි.

මේ සම්බන්ධ මරණ පරීක්‍ෂණය කොළඹ නාගරික අතිරේක හදිසි මරණ පරීක්‍ෂක ඉරේෂා දේශානි සමරවීර මහත්මිය හමුවේ පවත්වා ඇත.

“මියගොස් සිටින්නේ මගේ අම්මා. අම්මාට දරුවෝ පස්දෙනෙක් ඉන්නවා. අම්මා හිටියේ මං ගාවයි. මගේ ගෙදර බිරිඳ සහ දරුවෝ දෙන්නා සිටිනවා. අම්මා නිතරම ගුවන් විදුලියේ ප‍්‍රවෘත්ති අහනවා. එයා නිතරම ඒ ප‍්‍රවෘත්ති අහල ඇඟ රිදෙනවා කියනවා. එදා රාත‍්‍රී 9.00 ට විතර මම කාමරයේ සිටින විට ජනේලයෙන් දැක්කා ඡායාවක් යනවා වගේ. පසුව මා එළියට ගොස් බැලූවා. එහිදී අඩි 20 ක් 30 ක් ඈතින් ඉටිපන්දමක් දල්වනවා මා දැක්කා. මම කළුවරේ කවුද ඔතන කියලා අහනවිට ඇය ළඟට එන්න එපා කියලා අම්මා කෑගැසුවා. මට ඇති වූ සැකය නිසා මම එතැනට ළංවෙනකොට ගිනි තියා ගත්තා. මම එම ගින්න නිවන්නට උත්සාහ ගනිද්දී මගේ අතත් පිච්චුණා” යනුවෙන් සාක්‍ෂි ලබා දෙමින් මියගිය කාන්තාවගේ පුත්‍රයා පවසා ඇත.

එහිදී ඉදිරිපත් වූ සාක්‍ෂි සහ වෛද්‍ය වාර්තා සැලකිල්ලට ගනිමින් මෙම මරණය සිය ශරීරයට ගිනි තබාගෙන සිදුකර ගත් සියදිවි නසාගැනීමක් බවට නිගමනය කර ඇති අතර ඇයට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බව පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණ වී ඇත.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.