Dec 18

රත්නපුර නගරය අධි අවදානම් තත්වයට පත් වෙලා


කොරෝනා වෛරසය තවදුරටත් පැතිරයාම හේතුවෙන් රත්නපුර නගරය අධි අවදානම් තත්ත්වයකට පත්ව තිබෙනවා. මේ පිළිබඳ තොරතුරු අනාවරණ වූයේ ඊයේ පස්වරුවේ හදිසියේ රැස්වූ කොරෝනා මර්ධන රත්නපුර දිස්ත‍්‍රික් කාර්යය සාධන බලකා කමිටුවේදීයි.

ඒ අනුව රත්නපුර නගරයේ පාසැල් 03 ක් තාවකාලිකව වසා දැමීමට තීරණය කළ බව ඊට එක්වූ සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව දැනුම් දුන්නා. ඒ අනුව රත්නපුර සීවලී මහා විද්‍යාලය, ගොඩිගමුව ධර්මරාජ විද්‍යාලය හා රත්නපුර අල් මකියා විද්‍යාලය එලෙස වසා තැබෙනු ඇති. එම පාසැල් අද සිට ලබන 23 වනදා තෙක් වසා දැමීමටයි කොරෝනා මර්ධන රත්නපුර දිස්ත‍්‍රික් කාර්යය සාධන බලකා කමිටුව තීරණය කර ඇත්තේ.

අද දිනයේ රත්නපුර නගරයේ සියලූ මුස්ලිම් පල්ලි වසා දැමීමට ද එහිදී තීරණය වී තිබෙනවා. ඒ අනුව රත්නපුර දිස්ති‍්‍රක්කයේ ද සියලූ මුස්ලිම් පල්ලිවල ආගමික වතාවත්, බැතිමතුන්ගෙන් තොරව සිදුකරන ලෙසටයි එම කමිටුව දන්වා ඇත්තේ.

රත්නපුර බැංකු හංදියේ සිට ඩිපෝ හන්දිය දක්වා සියලූ කඩසාප්පු වසා දැමීමට ද තීරණය කර තිබෙනවා. රත්නපුර නගරයේ අඹගහයට, ඔරලෝසු කණුව, දෙමුවාවත යන ප‍්‍රදේශවල ව්‍යාපාර කටයුතු සිදු නොකරන ලෙස සියලූ මැණික් ව්‍යාපාරිකයින්ට PCR දැනුම් දීමටයි කොරෝනා මර්ධන රත්නපුර දිස්ත‍්‍රික් කාර්යය සාධන බලකා කමිටුව පියවර ගෙන ඇත්තේ. ඒ සඳහා රත්නපුර සීවලී කී‍්‍රඩාංගනය ලබාදීමට ද තීරණය කර තිබෙනවා. රත්නපුර නගරය ආශ‍්‍රිතව පදික වෙළඳාම ද තහනම් කිරීමටයි මෙම කමිටුවේදී තීරණය කර ඇත්තේ. රත්නපුර ගොඩිගමුව ප‍්‍රදේශයේ සංචරණ සීමා තවදුරටත් බලාත්මකයි.

රත්නපුර කුඩුගල්වත්ත ප‍්‍රදේශයේ සිදුකළ අහඹු පරික්ෂණවලදී පුද්ගලයින් 20 දෙනෙකුගෙන් 07 දෙනෙකුටම කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට අනාවරණ වීම මෙම තීරණ ගැනීමට ප‍්‍රධාන හේතුව වී තිබෙනවා. මේවනවිටත්, රත්නපුරයෙන් කොරෝනා ආසාදිතයින් 572 දෙදෙනෙකු වාර්තා වන අතර අවදානම් තත්ත්වය පහව යන තෙක් රත්නපුර නගරය ආශ‍්‍රිතව සංචරණය සීමා කරන ලෙසයි සෞඛ්‍ය බලධාරීන් ජනතාවට දැනුම් දී ඇත්තේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.