Dec 16

නත්තල් සමයේ කරන්න යන දේ - හමුදාපති හෙළිකරයි


රටේ පවතින කොවිඩ් තත්ත්වය අනුව ගතයුතු ඉදිරි තීරණ පිළිබඳව එළඹෙන 22 සහ 23 යන දිනයන්හිදි දැනුම්දෙනු ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ දැනට පවතින තත්ත්වය අනුව නිරෝධායන ඇඳිරිනීතිය යෙදවීමට හෝ හුදකලා කිරීමට බලාපොරොත්තුවක් නොමැති බවය.

"2020 වසරේ උත්සව සමයන් සියල්ලක්ම වගේ අපිට සමරන්න අවස්ථාවක් ලැබුණේ නෑ. පටන් ගත්ත සිංහල දමිළ අලුත් අවුරුද්ද, වෙසක් සමය වැනි උත්සව අපිට රිසි සේ පවත්වාගැනීමට අපිට අවස්ථාවක් ලැබුණේ නෑ. ලෝක වසංගතයක් හමුවේ සිටින ශ්‍රී ලංකාවත් රටේ ජනතාව රට බේරා ගැනීම සඳහා උත්සව යම්කිසි පාලනයක් යටතේ තමයි පවත්වාගෙන යන්නේ. මේ අවස්ථාවේදීත් ඉදිරි සති දෙකක් ඇතුළත එළඹෙන නත්තල් උත්සවය, වසර අවසාන උත්සව පෙර වසරවල් මෙන් ක්‍රියා කිරීමට කිසිසේත්ම අවස්ථාවක් නෑ. ජනතාව හැසිරෙන ආකාරයට තමයි කොවිඩ් පාලනයවීම තීරණය වෙන්නේ. එකට එකතු වී විනෝදවීමට මේ කොවිඩ් වසංගතය හමුවේ අවස්ථාවක් නෑ. බුද්ධිමත් ශ්‍රී ලාංකිකයන් මේ තත්ත්වය තේරුම් ගනී. නිරෝධායන ඇඳිරිනීතිය යෙදවීමටවත් හුදකලා කිරීමටවත් බලාපොරොත්තුවක් නෑ. නමුත් 22 වනදා 23 වනදා වනවිට රටේ තිබෙන කොවිඩ් තත්ත්වය අනුව ගතයුතු තීරණ ජනාධිපතිතුමා ප්‍රමුඛ රජය විසින් ගනු ඇති," යනුවෙන් ද ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

කුකුළේ ගඟ ප්‍රදේශයේ පිහිටි සාමසාධක පුහුණු ආයතනයෙහි සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් විවෘත කිරීමේ අවස්ථාවකට අද (16) පෙරවරුවේ එක්වෙමින් යුද හමුදාපතිවරයා මේ බව සඳහන් කළේය.

 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.