Dec 16

පාස්කු ප්‍රහාරයෙන් විපතට පත් පවුල්වල ගැටලු නිරාකරණය කිරීම ගැන අගරදගුරුතුමාගෙන් පැසසුම්!


2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් විපතට පත්වූ ස්වකීය ඉඩමක් නොමැති පිරිස් උදෙසා කටුවාපිටිය ප්‍රදේශයේ ඉදි කිරීමට සැලසුම් කළ දැනට අඩාල වී ඇති නිවාස 24 ව්‍යාපෘතියේ කටයුතු කඩිනමින් අවසන් කිරීම සඳහා ක්‍රියාමාර්ග ගන්නැයි රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට මම උපදෙස් දුනිමි.

පාස්කු ප්‍රහාරයෙන් විපතට පත් වු පවුල්වල ගැටලු නිරාකරණය කිරීම හා ප්‍රහාරයට ලක්වූ දේවස්ථානවල ඉදිරි සංවර්ධන කටයුතු පිළිබඳව මාගේ සහභාගීත්වයෙන් අරලියගහ මන්දිරයේ අද (16) පැවැති සාකච්ඡාවේ දී මෙය ඇතුළු තවත් තීන්දු තීරණ කිහිපයක් ගැනිණි.

එසේ ම ප්‍රහාරයට ගොදුරු වූ ඉඩම් හිමි එහෙත් නිවාස නොමැති පුද්ගලයන් වෙනුවන් තවත් නිවාස 5ක් කටුවපිටිය ප්‍රදේශයේ නාගරික සංවර්ධන අධිකාරිය යටතේ ඉදිකිරීමට ද එහි දී තීරණය විය.

ප්‍රහාරයෙන් පීඩාවට පත්ව කොළඹ අවට කුලී නිවාසවල සිටින පවුල් 33ක් වෙනුවෙන් නිවාස සංවර්ධන අධිකාරියේ යෝජිත නිවාස සංකීර්ණයකින් නිවාස 33ක් වෙන්කර දෙන ලෙස ද මම නිලධාරීන් උපදෙස් දුනිමි.

මෙම පිරිසට අමතරව බදුල්ල, මහනුවර ඇතුළු රට පුරා විසිරී සිටින ප්‍රහාරයෙන් පීඩාවට පත් පවුල් 11ක් වෙනුවෙන් ඒ ඒ ප්‍රදේශවලින් නිවාස අවශ්‍යතා සපුරා දීමට ද මෙහිදී එකඟතාව පළවිය.

විපතට පත්වූවන් සඳහා ශ්‍රී ජයවර්ධනපුර රෝහල මඟින් ලබාදෙන වෛද්‍ය පහසුකම් පුළුල් කිරීමට ද ඔවුන්ට අවශ්‍යය වෛද්‍ය ප්‍රතිකාර සහ රෝහල් කාමර පහසුකම් සැලසීමට ද කටයුතු කරන්නැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්තුමාට උපදෙස් දුනිමි.

මෙයට අමතරව මුදල් අමාත්‍යංශ ප්‍රතිපාදන යොමු කරමින් දැනට ඉදිකිරීම් නැවතී තිබෙන කටුවපිටිය දහම් පාසල රුපියල් මිලියන 60කට අධික මුදලක් වැයකරමින් ඉදිකර අවසන් කිරීමටත් ප්‍රහාරයෙන් විනාශයට පත් කොච්චිකඩේ දේවස්ථානයේ කලින් සැලසුම් කළ පරිදි නාවික හමුදාවට ප්‍රතිපාදන යොමුකර ඉදිකර අවසන් කිරීමටත් මෙහි දී අදාළ නිලධාරීන්ට දැනුම් දුනිමි. පසුගිය ආණ්ඩුව කොච්චිකඩේ දේවස්ථනය නව සැලසුමකට ඉදිකර දෙන බව පැවසුව ද, එය අදාළ පරිදි අවසන් නො කළ බව මෙම හමුවේදී හෙළිවිය.

ප්‍රහාරයෙන් පීඩාවට පත්ව ණය වාරික ගෙවා ගත නොහැකි, දැනට ඉල්ලීම් කළ පුද්ගලයන් වෙනුවෙන් සැලසිය හැකි ණය සහන සම්බන්ධයෙන් අදාළ පෞද්ගලික බැංකු සමඟ සාකච්ඡා කරන්නැයි ද මුදල් අමාත්‍යංශ ලේකම් එස්.ආර්. ආටිගල මහතාට දැනුම්  දුනිමි.

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් විපතට පත් පවුල්වල හා ප්‍රහාරයට ලක්වූ  දේවස්ථානවල පවතින ගැටලු ලෝරන්ස් රාමනායක පියතුමා විසින් මෙම හමුවට ඉදිරිපත් කළේය.

අදාළ සාකච්ඡාව අවසානයේ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ මෙසේ පැවසූහ.

"අග්‍රාමාත්‍යතුමනි, මම ඔබතුමාටත් රජයටත් මගේ පෞද්ගලික ස්තුතිය හා ප්‍රශංසාව පුද කර සිටිනවා. මේ පාස්කු ප්‍රහාරය තුළින් පීඩාවට පත්වෙච්ච ජනතාවට සහන සලසලා, ඒ අයගෙ ප්‍රශ්න විසඳලා දෙන්න උත්සහ කරන මෙම වැඩපිළිවෙළට දුන්නු සහයෝගය පිළිබඳව. විශේෂයෙන්ම මේ සඳහා මැදිහත්වී කටයුතු කරන ඇමැතිවරුන්ටත්, රාජ්‍ය ඇමතිවරුන්ටත් මම මගේ ස්තුතිය පුදකර සිටිනවා. 

අපි මේ හැමදෙයක්ම කරන්නෙ අපේ ජනතාව පීඩාවට පත්වෙච්ච නිසයි. අපි බලාපොරොත්තු වෙනවා අනාගතයේදී එවැනි සිදුවීම් කොයිම විදියකටවත් සිදු නොවෙන්නට රට ආරක්ෂිත ස්ථානයක් කරගන්නට ඔබතුමාගේ රජය සහ ජනාධිපතිතුමාගේ මැදිහත්වීම තුළ රටේ ආරක්ෂාව ශක්තිමත් කරගන්නට හැම දෙයක්ම සිදුවෙයි කියලා, ඒ විශ්වාස තුළ අග්‍රාමාත්‍යතුමා ගැන අපි බලාපොරොත්තුවක් තබා තිබෙනවා. අද මේ වගේ රැස්වීමක් සංවිධානය කිරීම ගැනත් අග්‍රාමාත්‍යතුමා, අමාත්‍යවරුන් ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලයට ස්තුති කරනවා."

මෙම අවස්ථාව සඳහා කොළඹ සහයක රදගුරු අති උතුම් ජේ. ඩී. ඇන්තනි හිමිපාණන්, ෆ්‍රීලි මුතුකුඩආරච්චි, ජූඩ් සමන්ත ප්‍රනාන්දු, දවටගේ ගිහාන් රිඩ්ලි ටෙරන්ස් පෙරේරා, ලියනගේ පැට්රික් ලලිත් පෙරේරා පියතුමන්ලා හා   මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග, ග්‍රමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා, ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, ග්‍රාමීය නිවාස හා ඉදිකිරිම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය  ඉන්දික අනුරුද්ධ ඇතුලු නිලධාරී පිරිසක් ද එක්ව සිටියහ.

අගමැති මහින්ද රාජපක්ෂ
2020.12.16
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.