Dec 19

කිතුල් මදින්න කැලේට යන ගම්මුන්ට නඩු දාන්න එපා. ජනපතිගෙන් නියෝග


කිතුල් මැදීම, තේ දලූ නෙළීම ඇතුළු එදිනෙදා ජීවනෝපාය සඳහා වන සංරක්ෂණ හා වනජීවී භූමිවලට ඇතුළු වන ගම්මුන්ට අත්තනෝමතික ලෙස නඩු පැවරීම නතර කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට නියෝග කළේය.

ජනාධිපතිවරයා එම නියෝගය කළේ ‘ගම සමග පිළිසඳර’ සඳහා ඊයේ (18 දා) බලංගොඩ, ඉඹුල්පේ රාවණාකන්ද ගමට ගිය මොහොතේදීය.

ජනාධිපතිවරයා සහභාගි වූ ‘ගම සමග පිළිසඳර’ තෙවන වැඩසටහන මෙය වෙයි. පළමු වැන්න සැප්තැම්බර් මාසයේ, බදුල්ල දිස්ත‍්‍රික්කයේ හල්දුම්මුල්ල සහ දෙවැන්න ඔක්තෝබර් මාසයේ දී මාතලේ දිස්ත‍්‍රික්කයේ විල්ගමුව ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස ආශ‍්‍රිතව පැවැත්විණ.

ග‍්‍රාමීය ජනතාවගේ දීර්ඝ කාලයක සිට නොවිසඳී ඇති ගැටලූ පිළිබඳව ඔවුන් සමග කථාබහ කර, ඒවා නිලධාරීන්ට ඉදිරිපත් කර කඩිනම් විසඳුම් දීම ජනාධිපතිවරයාගේ අපේක්ෂාව බව ජනාධිපති ලේකම් කාර්යාලය කියයි. දිවයිනේ අති දුෂ්කර ගම්මානවල වෙසෙන ජනතාව මුණගැසී ඔවුන්ගේ ගැටලූ නිවැරදිව හඳුනා ගැනීම තවත් අරමුණක් බව ද එම කාර්යාලය පවසයි.

ඊයේ (18 දා) පිළිසඳර රාවණාකන්ද ග‍්‍රාමයේ, තෝරවෙල්කන්ද විද්‍යාලයීය ක‍්‍රීඩා භූමියේ දී පැවැත්විණි. රත්නපුර දිස්ත‍්‍රික්කයේ එක් කෙළවරක, නුවරඑළිය දිස්ත‍්‍රික්කයට මායිම්ව බලංගොඩ, ඉඹුල්පේ ප‍්‍රාදේශීය ලේකම් බල ප‍්‍රදේශයට අයත් රාවණාකන්ද ග‍්‍රාමය පිහිටා තිබේ.

රාවණාකන්ද ග‍්‍රාමයට ආසන්න කට්ටඩිකන්ද, ගල්ලෙනකන්ද සහ තෝරවෙල් කන්ද ඇතුළු අවට ප‍්‍රදේශ ගණනාවක ගම්මු ජනාධිපතිතුමා හමුවී දුක් ගැනවිලි ඉදිරිපත් කිරීමට තෝරවෙල් කන්ද විද්‍යාලයට පැමිණ සිටියහ.

බලංගොඩ, හැටන් මාර්ගයට පිවිසෙන පුදුකාඩුව හන්දියේ සිට කි.මි. 6ක් වූ වලේගොඩ මාර්ගය, රාවණාකන්ද සිට ගල්ලෙන්කන්ද මාර්ගය, තෝරවෙල්කන්ද - වතුකාරකන්ද මාර්ගය සහ එගොඩවලේබොඩ - වතුකාරකන්ද යන මාර්ග ඇතුළු ගම්මාන රැුසකට පිවිසෙන අතුරු මාර්ග හඳුනාගෙන කඩිනමින් සංවර්ධනය කරන ලෙස ජනාධිපතිවරයා මාර්ග සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

මේ මාර්ගවලදී හමුවන ඌරාඔය සහ ඉමෝඔය හරහා පාලම් ඉදිකිරීම ද ඊට සමගාමීව සිදු කෙරේ. මාර්ග ඉදිකිරීම් සමග කුඩා තේ වතු කර්මාන්තකරුවන් රැුසකට තේ දලූ ප‍්‍රවාහනය කිරීමට පහසුකම් සැලසෙයි.

කිතුල් මැදීමේදී බලපාන ගැටලූ පිළිබඳව ජනතාව ජනාධිපතිවරයා දැනුවත් කෙරිණි. කිතුල් මැදීම බාධාවකින් තොරව කරගෙන යෑමට ඉඩ දෙන්නැයි ජනාධිපතිවරයා පොලිසියට, වන සංරක්ෂණ සහ වනජීවී නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

කිතුල් මැදීම, තේ දලූ නෙළීම ඇතුළු එදිනෙදා ජීවනෝපාය සඳහා වන සංරක්ෂණ හා වනජීවී භූමිවලට ඇතුළු වන ගම්මුන්ට අත්තනෝමතික ලෙස නඩු පැවරීම නතර කරන්නැයි ද ජනාධිපතිවරයා නිලධාරීන්ට නියෝග කළේය. ඔවුන්ගේ පාරම්පරික ජීවන රටාවන්ගෙන් පරිසරයට හානියක් නොවන බව අවස්ථා ගණනාවකදීම පැහැදිලි වී ඇති බව පැවසූ ජනාධිපතිවරයා එම කටයුතුවලට සහය වන ලෙස ද නිලධාරීන්ට පැවසීය.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.