Dec 16

කොරෝනා එන්නත ලබාගත් පළමු ශ්‍රී ලාංකිකයා කී කතාව


කොවිඩ් එන්නත ලබාගැනීමෙන් සතියක් පමණ ගතව ඇතත් තමාට මෙතෙක් ඉන් කිසිදු ආකාරයක අතුරු ආබාධයක් මතුවී නොමැති බව එම කොවිඩ් එන්නත ලබාගත් පළමු ශ්‍රී ලාංකිකයා ලෙස සැලකෙන එංගලන්තයේ, පදිංචි විශේෂඥ වෛද්‍ය ප්‍රේම් ප්‍රේමචන්ද්‍රන් මහතා ප්‍රකාශ කර සිටී.

දකුණු එංගලන්තයේ, සරේ ප්‍රදේශයේ ෆ්‍රිම්ලි පාක් (Frimley Park Hospital) රෝහලේ විශේෂඥ වෛද්‍යවරයෙකු වන ප්‍රේම් ප්‍රේමචන්ද්‍රන් මහතාට ෆයිසර් සමාගමේ නිෂ්පාදිත මෙම කොවිඩ් එන්නත ලැබුණේ පසුගිය 08 දින උදෑසන 8 ටය. එම රෝහලෙන් එන්නත ලබාදුන් පළමු පුද්ගලයා වන්නේද ඔහුය.

මෙම එන්නත ලබාගැනීමෙන් පසුව තමාට ශරීරයේ කිසිදු වෙනසක් නොදැනුන බවත් ,තමා එන්නත ලබාගැනීමෙන් පසුවද දිගටම රාජකාරියට වාර්තා කල බවත් ප්‍රේමචන්ද්‍රන් මහතා බී . බී. සී . (BBC) පුවත් සේවයට සඳහන් කර ඇත.

දිගින් දිගටම කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ නිරතව සිටින වෛද්‍ය ප්‍රේමචන්ද්‍රන් මහතා මෙහිදී සඳහන් කර ඇත්තේ මෙවන් එන්නතක් නිපදවීම පිළිබඳව තමා වැන්නවුන් අතිශය සතුටට පත්වන බවයි.

තමන් ඇතුළු පිරිසකට එන්නත ලැබුණ නමුත් එමගින් සියල්ල නොවිසඳෙන බව ද වෛද්‍ය ප්‍රේමචන්ද්‍රන් මහතා මෙහිදී අවධාරණය කර ඇත.

“එන්නතක් සොයාගැනීම කියන්නේ ඉතාම හොඳ තත්ත්වයක්. නමුත් අපිට තවත් ගොඩක් දුර යන්න තියෙනවා. අප තවදුරටත් සෞඛ්‍ය පුරුදු පවත්වාගත යුතු යයිද ප්‍රේමචන්ද්‍රන් මහතා සඳහන් කර ඇත.

පළමු එන්නත ලබාගැනීමෙන් දින 21 කට පසුව ප්‍රේමචන්ද්‍රන් මහතා එහි දෙවෙනි මාත්‍රය ලබාගත යුතුය. එක මාත්‍රයක් මගින් රෝගය යළි වැළඳීම 70% කින් අඩු කරන අතර, දෙවෙනි මාත්‍රය ලබාගත් විට එය 90% ක් දක්වා අඩුවේ . ඒ අනුව ප්‍රේමචන්ද්‍රන් මහතා ලබන 29 දින කොරෝනා එන්නතේ දෙවන මාත්‍රාව ලබාගැනීමට නියමිතය.

පැතුම් වික්‍රමරත්න
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.