Dec 30

සැඟවූ වාර්තාවක් ගැන ධම්මික වෙද මහතාගෙන් හෙළිදරව්වක්...!


කෑගල්ලේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා තම ඖෂධය පිළිබඳව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සිදුකළ මෙතෙක් එළිනොදැක්වූ පරීක්ෂණ වාර්තාවක් මාධ්‍ය වෙත ඉදිරිපත් කළේය.

ධම්මික බණ්ඩාර වෙදමහතා අත්හදා බැලූ කොවිඩ් දේශීය ඖෂධය ලබාගන්නා රෝගීන් දින 03ක් තුළ සුව වන බවට වතුපිටිවල රෝහලේ සිදුකළ සායනික පරීක්ෂණ 02කදී ලබාගත් පී.සී.ආර් පරීක්ෂණ මගින් තහවුරු වූ බව  රටට අනාවරණය කර මාසයක් ගත වේ.

මේ වන විටත් එම ඖෂධය ශරීරයට අහිතකර නොවන බව ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සූත්‍ර කමිටුව තහවුරු කර ඇති අතර එම ඖෂධය නිශ්පාදනය කිරීමටද ධම්මික වෙදමහතාට අවසර දී තිබේ.

එවන් පසුබිමක ඊයේ ජාතික පුවත්පතක් මෙම ඖෂධය ලබාගත් කාන්තාවකට කොවිඩ් වෛරසය වැළඳී ඇති බව වාර්තා කළේය.

ඊයේ දින එම කාන්තාවගේ පියා ඒ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත කරුණු පැහැදිලි කළේය.

කොවිඩ් වැළඳුනු කාන්තාවගේ පියා - “එක පාරක් බිව්වා ඊට පස්සේ ආය බිව්වේ නෑ. ආය ඊට පස්සේ නම් අපි එක දිගට ඔක්කෝමලා බිව්වා. අපිට තාම හරියට කියලා නෑ. දුවට නම් රිපෝට් එකක් තියෙනවා. අපි නම් ඔක්කෝම බිව්වා අපිට තාම දැනගන්න නෑ.

මේ අතර රාජ්‍ය මට්ටමින් විධිමත් පරීක්ෂණයක් පැවැත්වීම සඳහා පත්කළ මහාචාර්ය කමිටුව සිදුකරගෙන යන පරීක්ෂණ දිගින් දිගටම ප්‍රමාද වීම සම්බන්ධයෙන් ධම්මික බණ්ඩාර වෙදමහතාද අද මාධ්‍ය හමුවක් පවත්වමින් මෙලෙස අදහස් පලකළේය.

“අපි විද්‍යාත්මකව සොයාගත් දෙයක් තියෙනවා. මේකේ තියෙනවා මේ බෙහෙත ගැන සම්පූර්ණ විස්තරයක්. මේ පරීක්ෂණය කරලා තියෙන්නේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන්. මේක අපි එළියට දෙන්නේ නෑ. මාධ්‍යයට. මොකද එතුමන්ලා ඉල්ලීමක් කරලා තියෙනවා මේක තව ටික දවසකින් දෙමු රජයෙන් හොයන්න දුන්න දේ හෙව්වට පස්සේ කියලා. මේකට මඩ ගහන්න එපා. මඩ ගහලා හිංසා පීඩා කරන්න එපා. නිලධාරීන් ලබා මගේ දරුවෝ ගෙන ගිහින් නිරෝධායනය කරන්න එපා. බටහිර වෛද්‍යවරු මේකට අකමැතියි. ඒක තමයි මම දකින්නේ සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් තමයි මේක කරන්නේ කියන එක මට දැන් හැඟී යනවා. මම එයාට දෝෂයක් කියනවා නෙමෙයි. හැබැයි අපි ඒ අයගෙන් පහළ මට්ටමේ අයගෙන් ඇහුවහම කියන්නේ අපිට කරන්න දෙයක් නෑ. ඉහළ අය දෙන නියෝග තමයි අපි පිළිපඳින්නේ කියලා.“

කෑගල්ලේ ධම්මික බණ්ඩාර නිෂ්පාදනය කළ කොවිඩ් වෛරසයට එරෙහි ඖෂධය පිළිබඳ සායනික පරීක්ෂණ සඳහා ආචාර ධර්ම කමිටුවේ තීරණය අද හෝ හෙට ලැබෙනු ඇතැයි ඖෂධ නිෂ්පාදනය සැපයුම සහ නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

මෙම දේශීය ඖෂධ ගැන අදදෙරණ සිදුකළ අනාවරණයෙන් අනතුරුව ජනාධිපතිවරයා විසින් එහි පරීක්ෂණ කටයුතුවල වගකීම ඖෂධ නිෂ්පාදනය සැපයුම සහ නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා යටතට පත්කළේය.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.