Dec 01

නව උපරමාධිකරණ විනිසුරුවරුන් 21ක් දෙනෙකුට ජනපති පත්වීම් දෙයි


මෙරට අධිකරණ ක්ෂේත්‍රයේ කඩඉමක් සටහන් කරමින් ඉහළම අධිකරණයට පත් කළ නව විනිසුරුවරු 21 දෙනෙක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ අද දිවුරුම් දෙනු ලැබුවා.

ශේෂ්ඨාධිකරණයට නව විනිසුරුවරු 06 දෙනෙක්, අභියාචනාධිකරණ නව සභාපති සහ අභියාචනාධිකරණ නව විනිසුරුවරු 14 දෙනෙක් අද පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී දිවුරුම් දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර සිටියේ.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් ලෙස :

01- ඒ.එච්.එම්.දිලිප් නවාස් මහතා
02- කුමුදිනී වික්‍රමසිංහ මහත්මිය
03- ඇන්තනි ලලිත් ශිරාන් ගුණරත්න මහතා
04- ජනක් ද සිල්වා මහතා
05- ආරච්චිගේ අචල උත්පලවර්ණ වෙන්ගප්පුලි මහතා
06- මහින්ද අබේසිංහ සමයවර්ධන මහතා

අභියාචනාධිකරණ නව සභාපති ලෙස අර්ජුන ඔබේසේකර මහතා දිවුරුම් දෙනු ලැබුවා.

නව අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන්නේ :

01- මේනකා විජේසුන්දර මහත්මිය
02- ඩී.එන්. සමරකෝන් මහතා
03- එම්. ප්‍රසන්ත ද සිල්වා මහතා
04- එම්.ටී.එම්. ලෆාර් මහතා
05- සී. ප්‍රදීප් කීර්තිසිංහ මහතා
06- සම්පත් බී. අභයකොන් මහතා
07- එම් .එස්.කේ.බී. විජේරත්න මහතා
08- එස්.යූ.බී. කරලියද්ද මහතා
09- ආර්. ගුරුසිංහ මහතා
10- ජි.ඒ.ඩී. ගනේපොල මහතා
11- කේ.කේ.ඒ.වී. ස්වර්ණාධිපති මහත්මිය
12- මායාදුන්න කොරයා මහතා
13- ප්‍රභාහරන් කුමාරරත්නම් මහතා
14- ඩබ්.එන්.එන්.පී. ඉද්දවල මහතා

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කර එහි ක්‍රියාකාරිත්වය දේශපාලන සහ වෙනත් මැදිහත්වීම්වලින් ඉවත් කිරීමට තමා දැඩි ලෙස කැපවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සභාව අමතමින් සඳහන් කළේ.

ශ්‍රේෂ්ඨාධිකරණයේ හා අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරුන් සංඛ්‍යාව 1978 සිට නොවෙනස්ව පැවැතුනා.

ඉහළ උසාවිවල විනිශ්චයකාරවරුන්ගේ සංඛ්‍යාව ඉහළ නැංවීමේ අවශ්‍යතාව අතීතයේ දී බොහෝ වරක් සාකච්ඡාවට ලක් කෙරුණ ද වසර 40කට අධික කාලයක් එය නොවෙනස්ව පැවති බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ.

20 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් මේ දිගුකාලීන අවශ්‍යතාව සපුරාලීමට අපේ රජයට හැකිවීම ආඩම්බරයට කරුණක් බවයි ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියේ.

නීතියේ ප්‍රමාදයන් නිරන්තර ගැටළුවලට පාදක වූ හේතු අතරින් එකකි.

“යුක්තිය ප්‍රමාදවීම, යුක්තිය අහිමි කරනු ලබයි” යන කියමන උපුටා දැක්වූ ජනාධිපතිතුමා යුක්තිය පසිඳලීමේ කාර්යක්ෂමතාව ඉහළ නැංවිම සඳහා උපරිමාධිකරණ ධූර සංඛ්‍යාව ඉහළ නැංවීම සදහා 20 වන සංශෝධනයෙන් ඉඩ ප්‍රස්ථාව සැලසුන බව සඳහන් කර සිටියා.

යුක්තිය, කාර්යක්ෂම අයුරින් පරිපාලනය කිරීම නීතියේ ආධිපත්‍ය තහවුරු කිරීම සම්බන්ධයෙන් පමණක් නොව රටේ ආර්ථික ප්‍රගමනයට ද අතිශය වැදගත්ය.

යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය මගින් විශ්වාසනීය, කාර්යක්ෂම හා ඵලදායී අයුරින් ගැටළු නිරාකරණය කොට ජාතියේ ප්‍රගතිය පෝෂණය කරනු ඇතැයි ජනාධිපතිතුමා සඳහන් කළේ.

ශක්තිමත්, කාර්යක්ෂම සහ ස්වාධීන යුක්තිය පසිඳලීමේ පද්ධතියක ඇති වැදගත්කම රජය මනාව අවබෝධකරගෙන සිටී. එහි ධාරිතාව ඉහල නැංවීමේ අවශ්‍යතාව පිළිබඳව ද ගැඹුරින් වටහගෙන ඇත.

යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය කෙරෙහි ජනතාව තුළ විශ්වාසයක් ඇතිවීමටනම් එම ක්‍රියාවලිය විනිවිදභාවයෙන් යුක්තවිය යුතු බව ද ජනාධිපතිතුමා විසින් සදහන් කරනු ලැබුවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.