Nov 25

බඬේ වේදනාවට කළුබෝවිල රෝහලට ඇතුළු කළ දෙමස් ගැබිණිය මියයයි


කුස තුළ ඇති වූ වේදනාවක් හේතුවෙන් කළුබෝවිල දකුණු කොළඹ ශික්ෂණ රෝහලට ඇතුළත් කළ මාස දෙකක ගැබිනි කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි අතුරුගිරිය පොලිසිය පවසයි.

පෙරේදා (23) දා මෙලෙස මියගොස් ඇත්තේ කළුබෝවිල, ඇන්ඩර්සන් පාරේ පදිංචිව සිටි මුතුආරච්චිලාගේ ශෂිකලා පෙරේරා (33) නමැති රූපලාවණ්‍ය ශිල්පිණියකි.

පසුගිය දෙසැම්බර් මාසයේ විවාපත් වී ඇති මෙම ගැබිනි කාන්තාව පළමු දරු ගැබ්ගැනීමෙන් පසු පවතින කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් අතුරුගිරියේ සිය සැමියාගේ මාපියන් පදිංචි නිවසේ පසුගිය දිනවල රැඳී සිට ඇත.

එහි දී මෙම කාන්තාවට ක්ලාන්තයක් සමග ‘ෆිට් එක’ සෑදී ඇති අතර, ඒ සමගම වූ කුසෙහි වේදනාවක් හේතුවෙන් 1990 සුවසැරිය ගිලන් රථයකින් ප‍්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට රැගෙන විත් තිබේ.

එහෙත් එම රෝහලේ මේ දිනවල කොරෝනා රෝගීන්ට පමණක් ප‍්‍රතිකාර කිරීම නිසා රෝගී ගැබිනි කාන්තාව සුවසැරිය ගිලන් රථයෙන්ම කළුබෝවිල දකුණු කොළඹ ශික්ෂණ රෝහලට රැගෙන විත් තිබේ.

පසුව එම ගැබිනි කාන්තාව විනාඩි 20ක් පමණ රෝහලේ මූලික ප‍්‍රතිකාර ඒකකයේ රඳවාගෙන සිටිය දී එක්වරම සිහිමූර්ජා වීම හේතුවෙන් වැඩිදුර ප‍්‍රතිකාර සඳහා රෝහලේ හදිසි ප‍්‍රතිකාර ඒකකයට යොමු කර තිබේ.

පසුව රෝහලේ වෛද්‍යවරුන්, හෙද කාර්ය මණ්ඩලය යුහුසුළුව රෝගියාට ප‍්‍රතිකාර කර තිබේ. එහිදී එම ගැබිනි කාන්තාවගේ ජීවිතය බේරා ගැනීමට ඔවුන් දැඩි පරිශ‍්‍රමයක් දරා ඇතත් මාස දෙකක ගැබිනි කාන්තාව පසුව මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

අනතුරුව එම ගැබිනි කාන්තාවගේ දේහය පී.සී.ආර්. පරීක්ෂණයක් සිදුකිරීමට යොමුකළ අතර, එහිදී ඇයට කොවිඞ් වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු වී තිබේ. මියගිය ගැබිනි කාන්තාවගේ හදිසි මරණ පරීක්ෂණය කළුබෝවිල දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරීක්ෂක සාම විනිසුරු විපුල නරසිංහ මහතා හමුවේ පැවැත්විණි.

දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී සී.ඊ. රණසිංහ මහතා විසින් මියගිය ගැබිනි කාන්තාවගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකළ අතර, එහිදී ඇගේ සිරුරේ කොටස් වැඩිදුර පරීක්ෂණ සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමුකිරීමට පියවර ගැනුණි.

ඒ අනුව අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාගේ වාර්තාව හා ඉදිරිපත් වූ සාක්ෂි සැලකිල්ලට ගනිමින් මියගිය ගැබිනි කාන්තාවගේ මරණයට හේතුව නොදක්වා විවෘත තීන්දුවක් නිකුත් කෙරිණි. දෙසැම්බර් 26 වැනිදාට විමර්ශන වාර්තා කැඳවීමට ද හදිසි මරණ පරීක්ෂක සාම විනිසුරු විපුල නරසිංහ මහතා තීරණය කළේය.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන් සහ එස්.පී. ආරියරත්න - රත්මලාන 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Dasatha Lanka | Dasatha Lanka News | Lanka Gossip | Dasatha News

2013-2020 Gossip-LankaNews.com Email: editor(at)gossip-lankanews.com
Advertising: Contact Here Editor: Contact Here
All the content on this website is copyright protected.
www.Gossip-LankaNews.com is a Sri Lankan online news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. Gossip Lanka is The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language like lankadeepa, lakbima, rivira, adaderana, nethfm, mawbima, divaina, hirunews, hiru gossip, dinamina, sundayleader, dailymirror, srilankamirror, dailynews, newsfirst, lankacnews.