Nov
19
පී.සී.ආර්. කට්ටල වලින් ගසාකන ජාවාරමක් ගැන හෙළිවෙයි
කොවිඩ් ආසාදිතයන් හඳුනාගැනීම සඳහා අවශ්‍ය පී.සී.ආර්. පරීක්ෂණ කට්ටල මෙරටට ගෙන්වන සමාගමක් හා වෛද්‍ය පර්යේෂණ ආයතනයේ ඉහළ නිලධාරීන් කිහිපදෙනෙකු එක්ව සංවිධානාත්මකව පී.සී.ආර්.වලින් ගසාකන ජාවාරමක් කරගෙන යන බව බුද්ධි අංශ අනාවරණය කරගෙන ඇත.
මේ සම්බන්ධව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ජනාධිපති කාර්ය සාධක බළකායේදීද පසුගිය දින කිහිපයේදීම සාක්ෂි සහිතව අනාවරණය වී ඇත.
කොවිඩ් වයිරසයට මුවාවී කරගෙන යන මෙම ජාවාරමට සම්බන්ධ එක් නිලධාරියකුගේ සොයුරකු අදාළ පී.සී.ආර්. කට්ටල ගෙන්වන සමාගමේ කොටස් හිමිකරුවකු බවද බුද්ධි අංශ අනාවරණය කරගෙන තිබේ.
යුරෝපා රටකින් අධික මිලකට පෞද්ගලික සමාගමක් මගින් ගෙන්වන මෙම පී.සී.ආර්. කට්ටල මගින් මහජන මුදල් ගසා කන බව මෙම විමර්ශනවලදී හෙළි වී ඇත.
මෙම සමාගම සපයන මිලට වඩා අඩුමිලට වෙළෙඳපළේ ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කළ මෙවැනිම පී.සී.ආර්. පරීක්ෂණ කට්ටල ඇතත්, වෛද්‍ය පර්යේෂණ ආයතනයේ ජාවාරමට සම්බන්ධ නිලධාරීන් අදාළ සමාගමේ පී.සී.ආර්. උපකරණම ඉල්ලා සිටින බවද අනාවරණය වේ.
තිස්ස රවින්ද්‍ර පෙරේරා, උදයජීව ඒකනායක