Nov
14
සිගිති දරුවා පැය කීපයක් අකර්මන්‍ය කල අකුණ
වලල්ලාවිටල උතුම්ගම ප්‍රදේශයට වර්ෂාව සමග ඇතිවූ අකුණු හේතුවෙන් නිවාස පහකට අධික ප්‍රමාණයකට හානි වී තිබේ.
පසුගිය 11 වැනිදා සිදුවූ මෙම අකුණු සර හේතුවෙන් බරපතළ හානි සිදු වූ නිවසේ පදිංචි තිදරු මවක් හා පියකු දිවි ගලවා ගැනීම විශ්මයක් බව ගම්වාසීහු පවසති.
ප්‍රබෝධ රූපසිංහ නමැති 32 හැවිරදි අයකු හා පවුලේ සාමාණිකයන් මෙම අනතු˙න් මෙසේ දිවි ගලවාගෙන තිබේ. එම නිවසේ මවගේ ඇකයේ සිටි මාස තුනක් වයසැති සිගිති දරුවා අකුණු සර වැදීමෙන් පසු පැය කීපයක් අකර්මණ්‍ය තත්ත්වයේ පසු වූ බව එම නිවසේ පියා පවසයි.
මෙම ගම්මානයේ අලූතින් ඉදිකළ ගොඩනැගිල්ලක සවිකර ඇති අකුණු සන්නායකයක් සකී‍්‍රය වීමෙන් මෙම තත්ත්වය තම නිවාසවලට බලපෑම් කරන බව ගම් වැසියෝ පවසතිග එම ගොඩනැගිල්ල හෝටලයක් සඳහා ඉදිකර ඇති අතර එහි හිමිකරු දැනට විදේශගතව සිටීග මෙම ගොඩනැගිල්ලේ අකුණු සන්නායකය සවිකිරීමට පෙර මෙවැනි තත්ත්වයක් ඇති නොවූ බවත් දැනට තම නිවාස රැසක් විදුලි උපකරණ හා විදුලි පද්ධති විනාශ වී ඇති බවත් ගම්වැසියෝ පවසති
මෙම නිවාසයන්හි සැපයුම් පද්ධති නවීකරණය කිඣිමට විදුලි බල මණ්ඩලය කටයුතු කර ඇති අතර නිවාසයන්හි විද්‍යුත් හා විදුලි උපකරණ රැසක් විනාශ වී ඇතත් ඒ සඳහා වගකීමක් කිසිවකු භාර නොගන්නා බව ප්‍රබෝධ රූපසිංහ මහතා පවසයි
මහිලාල් පද්මසූය